ලුතිනන් යෝෂිත යළිත් නාවික හමුදාවේ : සිරිසේනගේ තීන්දුවක් !

ලුතිනන් යෝෂිත යළිත් නාවික හමුදාවේ : සිරිසේනගේ තීන්දුවක් !
 වැඩ තහනමට ලක්ව සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ, යළි සේවයේ පිහිටුවීමට අදාළ නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා  අත්සන් තබා ඇත.
 
නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් ඔහු සේවයේ පිහිටුවීමේ නියෝගයට අත්සන් කළ බව ය.
 
නාවික හමුදාව විසින් 2016 පෙබරවාරි 28 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ යෝෂිතගේ  වැඩ තහනම් කර තිබිණි.
 
ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයේ ඉල්ලීමක් අනූවය.
 
 සී.එස්.එන්. රූපවාහිනී නාලිකාවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ ස්වාධීනව කරගෙන යාමට අවශ්‍ය වන හෙයින් මෙම අත්හිටුවීම සිදු කිරීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉල්ලීම පරිදි ආරක්ෂක අමාත්‍යාංශය මඟින් එදා මෙම  පියවර ගනු ලැබිණ.
 
මේ අනුව මෙම අත්හිටුවීමෙන් පසු යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ අවසරයකින් තොරව නාවික හමුදා කඳවුරකට හෝ නාවික හමුදාවට සබඳකම් පවත්වන කිසිදු ස්ථානයකට ඇතුල්වීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණු අතර  නාවික හමුදාවේ නමින් ඊට සම්බන්ද කණ්ඩායම් සමඟ රගර් ක්‍රීඩාවේ යෙදිමද තහනම් කෙරිණ.
 
එසේම යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව සඳහා එක්වූ ආකාරය, එහිදී අදාල නිලය සඳහා නියමිත සුදුසුකම් සම්පූර්ණ කර නොතිබීම , ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධව ඒ සමයේ නාවික හමුදා අභ්‍යන්තර පරීක්ෂණයකින් අනාවරණය වූ බවත් කියවිණ.
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න