සජිත්ට ගහන්න මඩ නැද්ද ?

 සජිත්ට ගහන්න මඩ නැද්ද ?
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පත්වීමත් සමග රාජපක්ෂ පාර්ශවය දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වෙයි.
 
ඒ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සම්බන්ධව කිසිදු නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකිව ඇති නිසාය.
 
ඒ නිසාම අද (26) පොහොට්ටු පාර්ශවය සංවිධානය කර තිබූ ව්‍යාපාරික සමුළුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා සිටියේ සජිත් ප්‍රේමදාස කියූ සැනින් එතුමාගේ පියාගේ පාලන සමය සිහිපත් වන අතර ප්‍රේමදාස යුගය කියූ විට ටයර් සෑ සිහිවන බවය.
 
ඊට වඩා නිශ්චිත චෝදනාවක් එල්ල කිරීමට අසමත්වු විපක්ෂ නායකවරයා කියාගන්න සමත්වූයේ ප්‍රේමදාස යුගය මතක කිසිවෙකු සජිත් ප්‍රේමදාස වෙත ජන්දය නොදෙන බවය.
 
ගෝඨාගේ වැඩ ඊට වඩා මතකයි !
 
මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ප්‍රේමදාස යුගයේ ටයර් සෑ මතක මහින්ද රාජපක්ෂ ට තමන්ගේ පාලන සමයේ සුදුවෑන් , අතුරුදහන් කිරීම් සහ පැහැර ගැනීම් මෙන්න ඝාතන අමතක වීම කිසියම් මානසික දෝෂයක් ද යන්න සෙවිය යුතු බවයි.
 
88-89-90 යන සමය ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි කැරැල්ලක් පැවති විශේෂ කාලයක් බවත් එහෙත් රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදුවූ බොහෝ ඝාතන , පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් යුද්ධය පවා අවසන් වීමෙන් පසුව සිදුවූ බවත් ඔවුන් පෙන්වා දෙයි.
 
තවද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවට සමාජය භීතියට පත්කර  ඒකාධිපති පවුල් පාලනයක් වෙනුවෙන් රාජපක්ෂලා කැපවූ අතර මාධ්‍ය ආයතන ගිනි තැබීමේ සිට මාධ්‍යවේදීන් ඝාතනය කිරීම දක්වා චෝදනා ලැබූ ගෝඨාභය රාජපක්ෂ සිය අපේක්ෂකයා කිරීම මෙරට සමස්ථ ජන සමාජයට සිදුකළ අපහාසයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
 
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේ මොහොතේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා කළ කඳවුර නියෝජනය කරන බැවින් වඩාත් විශ්වාසය තැබිය හැකි අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බවත් ඔවුන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න