Language Switcher

V2025

2020 ඇත්තේ මංගල සහ බැසිල් අතර සටනක් : බුකියේ විශේෂ අවධානයක් !

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමත් සමග මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ නමත් සමාජ මාධ්‍ය ජාල අතර වැඩි වැඩියෙන් කියවෙමින් තිබේ.
 
ඒ බොහෝමයක් තැන්වල කියවෙමින් ඇත්තේ මෙවර ජනාධිපතිවරණ සටනේ තිරයෙන් පිටුපස ඇති තීරණාත්මක සංවිධාන කටයුතු සම්බන්ධව වන අතර එහිදී කියවෙමින් ඇත්තේ මංගල - බැසිල් අතර සටහනක් තිබෙන බවය.
 
පහත දැක්වෙන්නේ එවැනි සටහනක් වන අතර ඒ Awkana Rajapaksha ගේ ෆේස් බුක් ගිනුමෙනි.
 
මංගල සමරවීර තම දේශපාළණ දිවියේ 30 වන වසර පහු කරන්නේ මේ ඊයේ පෙරේදා. ඒ කියන්නේ මංගල ලංකාවේ දේශපාළණයට පට්ට පරණයි. ඒත් මංගල UNP එකට අළුත්. අද පාර්ලිමේන්තුවේ ඉන්න එජාප මන්තීවරු සෑහෙන්න ප්‍රමාණෙකට වඩා මංගල එජාපයට නවකයෙක්. හැබයි ඒ මංගල තමයි පරණ වගේම තරුණ UNPකාරයෙක් වෙච්ච සජිත්ට මෙවර ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න කියලා කලින්ම හිටගන්නේ.
 
සජිත් පක්ෂෙ ඇතුලේ අරගල කරපු පළවෙනි වතාව මේක නෙමයි. පක්ෂ නායකත්වය ඉල්ලලා, පක්ෂයේ වෙනසක් ඉල්ලලා, තනතුරු වල වෙනසක් ඕනි කියලා සජිත් වරින් වර පක්ෂෙ ඇතුලේ අරගල කරා. ඒ හැම අරගලයකටම සජිත් එක්ක එජාපයේ තරුණ ජනප්‍රිය ප්‍රවීණ මන්ත්‍රී කණ්ඩායමක් එකට හිටගත්තා. හැබයි අවාසනාවට ඒ සැම සටනක්ම ඉවර උනේ ඒ අරගල කරපු සමහරක් පක්ෂෙන් එලියට ගිහිල්ලා තව සමහරක් පක්ෂෙ ඇතුලේ මුල්ලකට විසිවෙලා වගේම සමහරු නායකත්වයේ ගිලටීනයට අහුවෙලා.
 
හැබැයි මේ පාර වැඩේ වෙනස්. 2019 ජනාධිපතිවරණය ගැන හා හූව පැතිරෙනකොටම ඒ වෙනුවෙන් එජාපයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම අපේක්ෂකයා සජිත් තමා කියලා මුලින්ම වැඩේට බහින්නේ මංගල. ඒ තනියෙන් නෙමයි. මංගලට වඩා රනිල්ට හිතවත් මලික්ලා, මංගලට වඩා පක්ෂෙට පරණ මද්දුම බණ්ඩාරලා, මංගලට වඩා පක්ෂෙ ජනප්‍රිය හරින්ලා, මංගලට වඩා තරුණ අජිත්ලා ඔක්කොම එක පෙලට පිටිපස්සෙන් තියාගෙන. 
 
ඒත් කවුරුත් හිතුවේ නෑ මංගල මේක කියන්නේ ඇත්තටම කියලා. කොටසක් හිතුවේ මංගල මේ පාර තමා කෙහෙල් ගහට කොටලා හොට පටා ගත්තේ කියලා. තව කෙටසක් හිතුවේ කලින් හැම වතාවකම වගේ සජිත්ගේ සටන රනිල් හෙමිහිට දියකරලා දාවි කියලා. ඒත් අන්තිමට ගොඩක් අය නොහිතපු විදියට සජිත් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කරන සටන මංගල ඇතුළු කණ්ඩායම දින්නේ රෙකෝඩ් තියලා.
 
මංගල දේශපාළනේ පටන් ගත්ත කාලේ ගැන අපිට මතක නෑ. හැබැයි අපි අහලා දැකලා තියන අතීතේ 2010 ෆොන්සේකට ඇරෙන්න මංගල කවදාවත් පරදින අශ්වයන්ට ලංසු තියලා නෑ. මේ පාර සජිත් උනත් මංගල අත ගහන්නේ ගේම ගහන්න පුළුවන් නිසා. සජිත්ට අපේක්ෂකත්වය ගන්න වැඩේ ගොඩ දැම්මා නම් ජනාධිපති කරන වැඩේ ගොඩදායි බලන් ඉඳිද්දි.
 
මම කලිනුත් වතාවක කිව්වා වගේ මේ පාර ගේම තියෙන්නේ මංගලයි බැසිලුයි අතර. වේදිකාවෙන් ඉස්සරහා ඉන්නේ කවුරු උනත් බෝඩ් එකේ සෙල්ලම් කරන්නේ ඒ දෙන්නා. ලංකාවේ දේශපාළණ ගෝඩ්ෆාදර්ලා දෙන්නෙක්ගේ සටනේ ප්‍රථිපල බලන්න අපිට වැඩි දවසක් නෑ. හැබැයි එකක්. සජිත්ව ගොඩදාන්න බැරි නම් මංගල ඔච්චර කට්ටක් කාලා සජිත්ව ජනාධිපති අපේක්ෂකයා කරගන්නෑ. ඒ කියන්නේ අපි දිනනවා. එච්චරයි.
 
FB IMG 1569503063716