Language Switcher

V2025

හිටපු රේගු ප්‍රධානීන් 2ක් අත්අඩංගුවට !

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පේ‍්‍රමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන අය මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අද (27) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
 
අනුරාධපුර ‘‘සදහිරු සෑයේ’’ තැන්පත් කිරිම සදහා කිලෝ ග‍්‍රෑම් 8ක බරකින් යුත් සමාධි බුදු පිළිමයක් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකා රේගුව සතු රත‍්‍රන් ලබාදී සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධියකට අදාළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
 
ඊට අදාල නියෝගය පසුගියදා අධිකරණය විසින් නිකුත්කර තිබිණ.