සජිත්ගේ ජයග්‍රහණය නියතයක් - තිස්ස

සජිත්ගේ ජයග්‍රහණය නියතයක් - තිස්ස

ජනපතිවරණයේදී පාවෙන ඡන්ද හා අලුත් ඡන්ද තීරණාත්මක බවත්, මෙවර ජනපතිවරණයේදි සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය නියත බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු  මහ ලේකම් තිස්ස අත්තනායක  පවසයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ අද   (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී වන අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ආරාධනය මම  භාරගත්තා. එතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ වගකීම් මට පවරා තිබෙනවා. ඒ වගකීම් ඉටු කරන්න මම ලෑස්තියි. පක්ෂයෙන් ඉවත්වූ අය නැවත පක්ෂයට ගැනීමට පාලමක් වෙන්න බලාපොරොත්තු වෙනවා.

මම ජාතික දේශපාලනයට ඇවිත් ඉන්නේ. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  ස්ව උත්සාහයෙන් කටයුතු කළේ. ඔහු පවුල් දේශපාලනයෙන් ආරම්භ කළේ නෑ.

ඔහු පියා අභාවප්‍රාප්ත වූවාට පස්සේ දේශපාලනයට ආපු කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ  හෝ සජිත් ප්‍රේමදාස  හෝ කිසිවෙක් පවුල් දේශාපලනයට සම්බන්ධ නෑ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න