TNA සහය සජිත්ට ගෙන දෙන්න : අගමැති රනිල් මැදිහත් වෙයි !

TNA සහය සජිත්ට ගෙන දෙන්න : අගමැති රනිල් මැදිහත් වෙයි !
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය ගෙනදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැදිහත්ව ඇති බව වාර්තා වෙයි.
 
ඊට අදාල ප්‍රතිපත්ති ප්‍රකාශනය අග්‍රාමාත්‍යවරයා විසින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් වෙත ලබාදී ඇති බවත් එම ප්‍රකාශයට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පූර්ණ එකඟතාව පළකර ඇති බවත් වාර්තා වෙයි.
 
ඒ අනූව ඉදිරියේ දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සියළු පක්ෂ රැස්ව මේ සම්බන්ධව සිය ස්ථාවරය දැන්වීමට නියමිත බවත් දැනගන්නට ඇත.
 
එසේම මේ ප්‍රකාශනයට අලුත් කරුණු කිසිවක් ඇතුලත් කර නොමැති බවත්  2015 ජනාධිපතිවරණය අවස්ථාවේ පොදු විපක්ෂයේ අපේක්ෂකයා වූ සිරිසේන සඳහා ලබාදුන් ලියවිල්ලට සමාන බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න