අවි නැවේ නඩුවේ තවත් සැකකරුවකු :  ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට !

අවි නැවේ නඩුවේ තවත් සැකකරුවකු :  ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට !

ඇවන්ට්ගාඩ්  අවි නැව සම්බන්ධයෙන් අවශ්‍ය වී සිටි සැකකරුවෙක් අද(27) උදෑසන අත්අඩංගුවට ගනුලැබූ බව පොලිසිය සදහන් කරයි.

පොලිසිය සදහන් කරන ආකාරයට බලපත්‍ර නොමැති ගිනි අවි 816 ක් සහ ලක්ෂ 2 කට අධික පතොරම් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබු ඇවන්ට්ගාඩ්  නැව සම්බන්ධ නඩුවට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඇවන්ගාඩ් හී සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානී ලෙස ක්‍රියා කර ඇති මෙම පුද්ගලයා අද අළුයම 00.15ට පමණ  සිංගප්පූරුවේ සිට SQ 468 යානයෙන් මෙරටට පැමිණෙමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මඟින් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු මුලස්ථානය වෙත බාර දී ඇත.

කලපලුවාව, රාජගිරිය ලිපිනයේ පදිංචි විෂ්වජිත් නන්දන දියබලනගේ නැමති මෙම සැකකරු සිංගපූරුවට ගොස් තිබු අතර, ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් ද නිකුත් කර තිබිණි.

සැකකරු  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්මෙම සිද්ධියට අදාළ නඩුව අද දින ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

මෙම සිද්ධියට අදාළව මෙම සැකකරු ද සමඟ මේ වන විට සැකකරුවන් 8 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම සැකකරු හැර තවත් සැකකරුවන් 4 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර සැකකරුවන් 3ක් ඇප මත සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න