ගෝඨාට රට යන්න අවසර : මංගල රැලියටත් නෑ !

ගෝඨාට රට යන්න අවසර : මංගල රැලියටත් නෑ !
 
ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ට සිංගප්පූරුවට යාමට  කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(03) අවසර ලබාදී ඇත.
සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න  යන  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාල නඩුව කැඳවූ  ඉදිරියේ අවස්ථාවේදී එම අවසරය ලබාදී ඇත.
 
වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ  ඔක්තෝබර 9 සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට පසුගියදා (01) අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.
 
ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවෙන් ගෝඨාභයට විදෙස් ගමන්  තහනම් කර  තිබිණ.
 
මංගල රැළියට නෑ !
මේ අනූව ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පවත්වන පළමු රැළිය සඳහා ද ගෝඨාභය රාජපක්ෂ සහභාගී නොවනු ඇත.
ඒ එම රැලිය ඔක්තෝබර් 09 වනදාට සංවිධානය කර ඇති නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න