පොහොට්ටුව අත්හැර මහින්ද පුටුවට වැටෙයි !

පොහොට්ටුව අත්හැර මහින්ද පුටුවට වැටෙයි !

ජනාධිපතිවරයාගේ යෝජනාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම වෙනස්කර මැතිවරණයට ඉදිරිපත් වීමට පොහොට්ටුව සිය එකඟත්වය පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ (04) සවස විශේෂ ලිපියක් භාර භාර දී ඇතැයි විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන lankaleadnews.comවෙබ් අඩවිය වාර්තා කරයි.

එම වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යවන ලද මෙම ලිපිය අනුව සන්ධානයේ නම වෙනස් කිරීමටත් පොහොට්ටුව වෙනුවට පුටුව ලකුණින් තරග කිරීමටත් සිය එකඟතාව පළකර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුව ලකුණින් දැනටමත් ඇප තැන්පත් කර ඇති නිසා නීතිමය බාධාවක් පවතින බැවින් ඒ ගැන මැතිවරණ නීති විශාරදයන්ගෙන් උපදෙස් ගත යුතු බවයි. 

පවත්නා නීතිමය තත්ත්වය තුළ ඇප තැන්පත් කළ අපේක්ෂකයාට පසුව ඡන්ද ලකුණ වෙනස් කළ හැකිනම් ඒ අනුව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟත්වය පලකර ඇත.

පොහොට්ටුවේ අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සහ නව සන්ධානය යටතේ තරගයට ඉදිරිපත් කිරීමටද පොහොට්ටුව එකඟ බව තවදුරටත් එම ලිපියේ සඳහන්ය. 

එම නිසා ගිවිසුම සම්බන්ධයෙන් වන දෙපක්ෂයේ යෝජනා කඩිනමින් සලකා බලා ශ්‍රීලනිපය සහ පොහොට්ටුව සන්ධානය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම්වරයා ඉල්ලීමක් කර තිබේ.''
(උපුටා ගැනීම අවසන්)

පොහොට්ටුවට ලකුණ මාරු කළ හැකිද ?

මෙම කාරණය සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුයේ, කිසියම් පක්‍ෂයක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත්නම් මැතිවරණ නීතිය අනුව එම පක්‍ෂයේ ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටළු පවතින බවයි. 

කෙසේවෙතත් පිළිගත් දේශපාලන පක්‍ෂයක් ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු සන්ධානගත වන්නේ නම් ඊට අදාළව එම  ලකුණ වෙනස් කිරීම සම්බන්ධ අවසන් තීරණයක් ලබාදීම මැතිවරණ කොමිසම වෙත පැවරෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න