ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය සජිත් දිනවන සටන අරඹයි !

ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය සජිත් දිනවන සටන අරඹයි !

දමිළ  ප්‍රගතිශිලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරිම සදහා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම ඊයේ  (06) හැටන් නගරයෙන් ආරම්භ කෙරුණි.

දමිළ  ප්‍රගිතශිලි සන්ධානයේ නායක අමාත්‍ය  මනෝ ගනේෂන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය පලනි දිගම්බරම් , රාජ්‍ය  අමාත්‍ය වි රාධාක්‍රිෂ්ණන්, බදුල්ල දිස්ත්‍රික් (එජාප) ප.ම අරවින්ද කුමාර් ගේ සහභාගීත්වයෙන් හැටන් ඩි කේ ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි  පවත්වන ලදි.

මෙම ජනාධිපතිවරණ  ප්‍රචාරක රැස්විමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් විශේෂ ආරාධිත වශයෙන් රාජ්‍ය අමාත්‍ය  සුජිව සේමසිංහ  සහභාගි විය.

දමිළ  ප්‍රගතිශිලි සන්ධානයේ ප්‍රථම ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම සදහා විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න