ඉසුර මෛත්‍රී අත්හැර ගෝඨාට පනියි !

ඉසුර මෛත්‍රී අත්හැර ගෝඨාට පනියි !

බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය, 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දැක්වීමට අද (06) එක්විය. ඒ, හෝමාගම පැවති උත්සවයකදීය.

මෙම උත්සවය සංවිධාන කර තිබුණේ ගෝඨාබය රාජපක්ෂගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් හෝමාගම පක්ෂ කාර්යයාලය විවෘත කිරීම සඳහාය.

එම අවස්ථාවට එක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග ඉසුර දේවප්‍රිය දීර්ඝ වේලාවක් සාකච්ඡා කරමින් සිටිබව වාර්තාවේ.

ඉසුර දේවප්‍රිය මේවනවිට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එය ජනාධිපතිවරයා විසින් සිදුකළ පත්වීමකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න