Language Switcher

V2025

ඇල්පිටිය ඡන්දය අදයි - පොහොට්ටුව 70% වැඩි ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවෙන්!

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (ඔක්තෝම්බර් 11) පැවැත්වේ. ඡන්ද මධ්‍යස්ථාන 47 ක ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සදහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 කි. ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ කෙරෙන අතර එය අවසන් වන්නේ පස්වරු 4 ටය.

මෙම ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා සභිකයින් 28 දෙනෙකු තෝරාපත් කර ගැණෙන අතර එම ඡන්ද විමසීම සදහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇති බව ගාල්ල දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ කියාසිටියේ.

ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසු එම ඡන්ද මධ්‍යස්ථාන තුළදීම ඡන්ද ගණන් කිරීම සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට බලපෑමක් නැහැ :

රාජපක්ෂවරුන්ට බෙහෙවින් වාසිදායක ප්‍රදේශයක් වන ඇල්පිටිය බල ප්‍රදේශය අවස්ථා කිහිපයක දී හැර අන්සියළුම අවස්ථාවන්හිදී එජාපය පරාජයට පත්ව තිබේ. ඇල්පිටිය එජාපය විසින් මෑතකාලීනව ජයග්‍රහණය කර ඇත්තේ 2002 පළාත්පාලන මැතිවරණයේදී පමණි.

මහින්ද රාජපක්ෂ අන්ත පරාජයට පත්වූ 2015 ජනාධිපතිවරණයේදීද ඔහු බෙන්තර ඇල්පිටිය ආසනයේ ඡන්ද  සංඛ්‍යාවෙන් 59.08%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

එජාපය ජයග්‍රහණය කළ 2015 මහ මැතිවරණයේදීද 52.70%ක් ලබාගෙන ආසනය ජයගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානය වේ.

මෙම තත්වය සළකා බලන කල ඇල්පිටිය යනු සමස්ථ දිවයිනේ ඇතිවන දේශපාලන ප්‍රවණතා වලට සංවේදී වීම ඉතාම අවම ප්‍රදේශයක් බව පෙනී යයි.

 

ඇල්පිටිය :(පූර්ව මැතිවරණ ප්‍රතිඵල සංඛ්‍යාලේඛන)

 මහ මැතිවරණය 1965
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22085
ශ්‍රීලනිප 21084

මහ මැතිවරණය 1970
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22709
ශ්‍රීලනිප 29801

මහ මැතිවරණය 1989
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 18482 (46.12%)
ශ්‍රීලනිප 15849 (41.26%)
සමස්ථ දිවයිනේ ජය - එජාප

මහ මැතිවරණය 1994
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22059 (40.5%)
පොඑපෙ 31222 (57.3%)
සමස්ථ දිවයිනේ ජය - පොඑපෙ

මහ මැතිවරණය 2000
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22811 (38.92%)
පොඑපෙ 30213 (51.55%)
සමස්ථ දිවයිනේ ජය - පොඑපෙ

මහ මැතිවරණය 2001
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 25054 (41.71%)
පොඑපෙ 26732 (44.5%)
සමස්ථ දිවයිනේ ජය - එජාප

පළාත් පාලන මැතිවරණය 2002
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව
එජාප 15513 (48.27%)
පොඑපෙ 12811 (39.86%)
සමස්ථ දිවයිනේ ජය - එජාප

මහ මැතිවරණය 2004
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 22243 (37.23%)
එජනිස  34840 (58.31%)
සමස්ථ දිවයිනේ ජය - එජනිස

ජනාධිපතිවරණය  2005
බෙන්තර-ඇල්පිටිය ආසනය
මහින්ද රාජපක්ෂ   38779 (59.17%)
රනිල් වික්‍රමසිංහ 25767 (39.31%)
සමස්ථ දිවයිනේ ජය - මහින්ද රාජපක්ෂ

පළාත් පාලන මැතිවරණය 2006
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව
එජාප 10308 (36.43%)
ජාසංපෙ 12954 (45.79%)
සමස්ථ දිවයිනේ ජය - එජනිස (ජාසංපෙ)

මහ මැතිවරණය 2010
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 12592 (25.93%)
එජනිස 32926 (67.8%)
සමස්ථ දිවයිනේ ජය - එජනිස

පළාත් පාලන මැතිවරණය 2011
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව
එජාප 10427 (30.59%)
එජනිස 19954 (58.54%)
සමස්ථ දිවයිනේ ජය - එජනිස

ජනාධිපතිවරණය  2015
බෙන්තර-ඇල්පිටිය ආසනය
මහින්ද රාජපක්ෂ   42015 (59.08%)
මෛත්‍රීපාල සිරිසේන  28287 (39.78%)
සමස්ථ දිවයිනේ ජය - මෛත්‍රීපාල සිරිසේන

මහ මැතිවරණය 2015
බෙන්තර-ඇල්පිටිය ආසනය
එජාප 26559 (40.83%)
එජනිස 34275 (52.70%)
සමස්ථ දිවයිනේ ජය - එජාප

මෙම තත්වය සළකා බලන කල ඇල්පිටිය යනු සමස්ථ දිවයිනේ ඇතිවන දේශපාලන ප්‍රවණතා වලට සංවේදී වීම ඉතාම අවම ප්‍රදේශයක් බව පෙනී යයි.

කෙසේවුවද මුළුමනින්ම සිංහල ජන පදනමක් සහිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී සියයට 65කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් පොහොට්ටුවට ජයගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය අවධානම් සහිත විය හැකි බව 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රබලයින්ගේ මතය වී ඇත.