අලුත් සන්ධානයක් :වෙල්ගම, ශ්‍රීලනිප සුරැකීම අතට ගනී !

අලුත් සන්ධානයක් :වෙල්ගම, ශ්‍රීලනිප සුරැකීම අතට ගනී !

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ නායකත්වයට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම පත්කර ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (10) එම සංවිධානය නියෝජනය කරන නායකත්ව මට්ටමේ, ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 15 කට අධික පිරිසක් කොළඹ රැස්වී ගෝඨාබය රාජපක්ෂ පරාජය කිරීමට වැඩිම හැකියාව ඇති ප්‍රධාන අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසට සයයෝගය දීමට තීරණය කර තිබේ.

ඒ අනුව සිකුරාදා(11) පෙරවරුවේ, ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිවසේදී හමුවී සාකච්ජා පවත්වා ඇත.

ආසන සංවිධායකයින් බහුතරයක් විරුද්ධයි :

මේ පිළිබඳ විමසීමේදී එම සංවිධානයේ ලේකම් නීතිඥ රජිත කොඩිතුවක්කු ප්‍රකාශ කළේ, ගෝඨාබයට සහය දැක්වීමට ශ්‍රීලනිපය ගත් තීන්දුව, පක්ෂයේ ආසන සංවිධායකවරු අති බහුතරයක් විරුද්ධ බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 183 දෙනා කැඳවා මත විමසීමක් කළ අවස්ථාවේදී ගෝඨාබය රාජපක්ෂට සහය දීමට කැමැත්ත පළ කර ඇත්තේ දෙදෙනෙකු පමණක් බවද ඔහු පැවසීය.

 එම රැස්වීමේ වාර්තාව පක්ෂ ලේකම්වරයා ප්‍රසිද්ධ කළ හොත් ඒ බව තහවුරු කර ගත හැකි බවද රජික කොඩිතුවක්කු කියා සිටියේය.

 ජාතික සම්මේලනයක් :

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ ජාතික මහා සම්මේලනය එළැඹෙන සතියේදී පැවැත්වීමට නියමිත අතර පසුව කුමාර වෙල්ගමගේ ඡායාරූපයද සහිතව ගම් මට්ටමින්ද සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමේ ප්‍රචාරක ව්‍යාපාරයක්ද දියත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනියද සිය සංවිධානයේ මතය දරණ බව  එහි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 President CBK නැමැති ෆේස් බුක් පිටුවේ 'අපගේ වටිනා පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන්න' යයි සඳහන් කර තිබේ.

මේ පිළිබඳ විමසීමට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඇමතුවද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

ශ්‍රීලනිපය සහ පොජපෙ අතර අවබෝධතා ගිවිසුම බ්‍රහස්පතින්දා (10) අත්සන් තැබූ අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම ගෝඨාබය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර තිබේ.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න