Language Switcher

V2025

දෙහිවල ගුවන් පාලම යතුරු පැදියන්ට තහනම්

දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම තහනම් කර ඇතැයි පොලීසිය පවසයි.

දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම හේතුවෙන් බහුලව රිය අනතුරු සිදුවීම සැළකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පසුගිය 10 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර, ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව සහ රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය මෙම තීරණය ගෙන ඇත.