සමෘද්ධියට අමතරව ජනසවිය යළිත් : වැල්ලවායෙත් ජන ගඟක් !

සමෘද්ධියට අමතරව ජනසවිය යළිත් : වැල්ලවායෙත් ජන ගඟක් !
රටේ පවතින සමෘද්ධි සහනාධාරය එලෙසම ක්‍රියාත්මක කරමින් ඒ සදහා තවත් ප්‍රතිපාදන වෙන්කර එය තව තවත් ශක්තිමත් කරමින්, රණසිංහප්‍රේමදාස මහතා ආරම්භ කළ ජනසවිය වැඩසටහන යළි ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (13) වැල්ලවාය නගරයේදි පැවති ජනහමුවේදි ප්‍රකාශ කළේය.
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වුසජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
 බොහෝ පාලකයින් මේ රටේ දුප්පත් ජනතාව කරදරයක් ලෙසයි හිතුවේ. මගේ පියා රණසිංහ ප්‍රේමදාස මහතා ඔවුන් වෙනුවෙන්ජනසවිය වැඩසටහන ආරම්භ කළා. 1993 මැයි 1 වනදා එතුමා ජීවිතක්ෂයට පත්වීමත් සමග එම කටයුතු දිගින් දිගට සිදුකර ගෙන යන්න බැරිවුණා.අපේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන සියලු දෙනාට සමෘධි සහනාධාර වැළපිළිවල එලෙසින්ම ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරන ගමන්, ඒ සදහාතවත් ප්‍රතිපාදන වෙන්කර, එය ශක්තිමත් කරනවා. 
 
 ඒ අතර මම ඔවුන් වෙනුවෙන් තවත් නව වැඩපිළිවලක් එක් කරනවා. සෑම දුප්පත් පවුලක් වෙනුවෙන්ම  මාගේ පියාණන්ගේ ජනසවිය වැඩසටහනක්‍රියාත්මක කරනවා. සමහර පිරිස් සංඛ්‍යා ලේඛන නිර්මාණය කර ව්‍යාජ ප්‍රතිරූප පෙන්නනවා. නමුත් ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවිදිහට දළ වශයෙන් හතර දෙනෙකු ජීවත් වන පවුලකට මාසකට පනස්දහසක් පනස් පන්දහසක් අතර මුදලක් වියදම් වනවා. මෙවැනි ආදායමක්නොලබන කීදෙනෙක් ඉන්නවද? මේ පිරිස ගැන කවුරුත් අවධානය යොමුකරන්නේ නැහැ
 
ඒ අහිංසක, අසරණ, නිහඩ බහුතරයේ හඩ බවට මම පත්වෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාකරන වීරයා බවට පත්වෙනවා.

IMG 20191013 WA0048

IMG 20191013 WA0053

IMG 20191013 WA0056

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න