අපරාධකරුවන් පැය 24 න් නිදහස් කරන : ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 එළියට !

අපරාධකරුවන් පැය 24 න් නිදහස් කරන : ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 එළියට !

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 18 දා එළිදැක්වීමට නියමිත බව ඔහුගේ  සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මහනුවර රැජින හෝටලයේ අද (13දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

එසේම මෙතෙක් දේශපාලන අපේක්ෂකයන් මෙන්ම පක්ෂ කණ්ඩායම් ජනතාවට ලබා දුන් ආකර්ශනීය පොරොන්දු පත්‍රිකාවක් වෙනුවට ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්විය හැකි වැඩපිළිවෙළක් මෙමගින් ඉදිරිපත් කෙරෙන බවත් ඔහු පැවසීය.

ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කැර ඇති මෙම ප්‍රකාශනය මාස 4-5 පමණ කාලයක් විද්වතුන්, උගතුන්,බුද්ධිමතුන්,මෙන්ම ප්‍රායෝගික ක්‍රිකාරිකයන් පුළුල් අධ්‍යනයකින් සකස් කළ බවත් ඔහු සදහන් කළේය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ පසුගිය 09 වනදා අනුරාධපුර පැවති මංගල රැලිය අවස්ථාවේ ලබාදුන් බන්ධනාගාර ගතකර සිටින අයගෙන් තෝරාගත් පිරිසක් පැය 24 ක් ඉක්ම යන්නට පෙර නිදහස් කරන පොරොන්දුව ගැන මන්ත්‍රීවරයා කිසිවක් පැවසුවේ නැත.

අපරාධකරුවන් පැය 24 න් නිදහස් කරයිද ? අවධියෙන් සිටින්න !

මේ අතර දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ මංගල රැලිය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ බන්ධනාගාර ගතකර සිටින අපරාධකරුවන් පැය 24 ක් ඉක්ම යන්න පෙර නිදහස් කිරීමේ පොරොන්දුව සම්බන්ධව ජනතාව අවධියෙන් සිටිය යුතු බවයි.

එයින් ගම්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් තවදුරටත් අධිකරණ විනිසුරුවන් සඳහා කාර්‍ය භාරයක් නොමැති වීම බවත් නඩු ඇසීම ජනාධිපති මන්දිරයේ සිදුකරන අවධානමක් එහි ඇති බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න