Language Switcher

V2025

''ඔය දෙන්නට 'හූ' කියවන්න මම ඉඩතියන්නේ නැහැ - ගෝඨාබයගෙන් දයාසිරිට සහතිකයක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුල දිගින් දිගටම අරගලය කරමින් ශ්‍රීලනිපයේ සහය තමා වෙත ලබාදීමට කටයුතු කළ සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීරට හෝ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරට හෝ 'පොහොට්ටු' රැස්වීමවලදී  'හූ' කීමට කිසිඳු ලෙසකින් ඉඩ නොදෙනබවට 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ සහතික වී ඇත.

ඒ, ඊයේ (14) දින පෙරවරුවේ දයාසිරි ජයසේකරට දුරකථන ඇමතුමක් ලබාදෙමිනි.

'' ඔය දෙන්න ගැන මම බලාගන්නම්, අමරවීරයි ඔයයි කළ උදව් මම කවදාවත් අමතක කරන්නේ නැ. බලවෙන්න එපා ඔයා මගෙත් එක්ක කුරුණෑගල මීටිමට එන්න. කව්රුහරි හූ කියන්න ආවොත් මම ඔයාත් එක්කම වේදිකාවෙන් බැහැලා එනවා. කිසිදේකට බයවෙන්න එපා...මගෙත් එක්කම යමු. මම ඔයාව ගන්න ගෙදරට එන්නම්..'' යයි ගෝඨාබය පවසා ඇත්තේ, ඊයේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ යාපහුවේ පැවති රැලියකට දයාසිරි ජයසේකර වෙත ආරාධනා කරමිනි.

කෙසේවුවද පොහොට්ටු පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රීක් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් තමාට එරෙහිව 'හු' කියවීමට බේබදු කණ්ඩායම් යොදවා ඇතයි කියමින් දයාසිරි එම රැස්වීමට සහභාගී වී නැතත් ඊට එක්වූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන ටී.බී. ඒකනායක මන්ත්‍රීවරයා රැස්වීම ඇමතීමට සුදානම් වූ අවස්ථාවේ දී එක දිගට හූ කියමින් පොහොට්ටුවාදීන් ඔහුට බාධා කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එය නැවත්වීමට මැදිහත්වූ බවක් පෙන්නුවද එය සාර්ථක නොවිය

වීඩියෝ

බරපතල ගැටළුවක් වෙලා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ඇමැතිකම් දරා ‌මෙවර ජනාධිපතිවරණයේදී ‌පොහොට්ටු ‌වේදිකාවට ‌ගොඩවන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් හට ‘හූ’ තැබීමට ‌පොහොට්ටු පාක්ෂිකයන් කටයුතු කිරීම ‌මේ වනවිට ‌දෙපාර්ශ්වය අතර බරපතළ ගැටලුවක් මතු කරන තැනට තල්ලු වී ‌ගොස් ඇති බවක් දැනගන්නට ඇත.

මෙසේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට හූ තබන රැල්ල ආරම්භ වූ‌යේ ‌ගෝඨාබය රාජපක්ෂගේ මංගල රැලිය පැවැති අනුරාධපුරයේදීය. එහිදී ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක හට අනුරාධපුරයේදීම හූ වර්ෂාවකට මුහුණ දීමට සිදුවිය.

පසුව රත්නපුර රැස්වීමකදී ශ්‍රීලනිපයේ තවත් ‌ජ්‍යෙෂ්ඨයකු වූ ‌ජෝන් ‌සෙනෙවිරත්නට විශාල හූ හඩක් එල්ල වූ අතර ඉන් ‌ඔහු දැඩි අපහසුතාවකට ලක්වන ආකාරයක් දැකගන්නට ලැබිණ.

කෙසේවෙතත් ‌මෙහි අලුත්ම සිදුවීම ඊයේ  (14) දිනයේදී යාපහුවේදී සහ ගල්ගමුවේදී දැකගන්නට ලැබුණු අතර යාපහුවේදී ටී.බී. ඒකනායකටත්, ගල්ගමුවේදී තාරානාත් බස්නායකටත් පොහොට්ටු පාක්ෂිකයන්ගේ දැඩි හූ ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවිය.

මෙහිදී ‌කෝපයට පත් සංවිධායකයන් පිරිසක් පාක්ෂිකයන්ට පහර ‌දෙන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.

කෙසේවුවද පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරීන් මෙසේ බිමත්ව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට හූ කීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බලවත් කෝපයට හේතුව වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහු බැසිල් රාජපක්ෂට දොස් පවරා ඇති බවත් වාර්තාවේ.

හේතුව මොකක්ද ? 


tha pohottu awabodatha 1000pxමෙසේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහි විරෝධයක් මතුවී තිබෙන්නේ, ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර පිහිටුවා ගැනීමට නියමිත සන්ධානය වෙනුවෙන් ඇති කරගත් එකගතාවයන්හි දී පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආසන සංවිධායකයින්ට යම් අසාධාරණයක් සිදුව ඇති නිසා බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
 
ජනාධිපතිවරණයෙන් පසුව පොහොට්ටුව ලකුණ වෙනුවට පුටුව ලකුණෙන් ඉදිරිපත්වීම, නව සන්ධානයේ සියයට 31ක බලයක් ශ්‍රීලනිපයට ලබාදීම, ඉදිරි මැතිවරණවලදි නාමයෝජනා ලබා දීම සඳහා ශ්‍රීලනිපය සමග ඇති කරගත් එකඟතාවයන් ආඳිය පිළිබඳව එම විරෝධය මතුවි තිබෙන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන වල නියෝජිතයන් අතරය. එම එකඟතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ බලය ගිලිහී යනු ඇතැයි එම කණ්ඩායමේ මතය වි තිබේ.

සන්ධානය පිළිබඳව මෙම සාකච්ඡාවලට 'පොහොට්ටුව' වෙනුවෙන් එක්ව ඇත්තේ ගෝඨාබය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ ඇතුළු ඉදිරි පෙළ නායකයින් පමණි.

එම පක්ෂ දෙක අතර සන්ධාන ඇති කර ගැනීම අදියර තුනකින් සිදුකිරීමට නියමිත අතර පළමු අදියර ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් ඔක්තෝම්බර් 10 වැනිදා ඇති කර‌ගෙන තිබුණි. එම අවබෝධතා ගිවිසුමේ කරුණු 22 සඳහන්ව තිබී ඇත. එහි මූලික වශයෙන් සඳහන්ව තිබී ඇත්තේ දෙපාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසන සංවිධායකවරුන්, වෘත්තීය සමිති ආදී එක් එක් මට්ටමේ ආයතනවල එකඟතා ඇති කරගන්නේ කෙසේද යන කාරණා පිළිබඳවය.

ඔව් එයා තමයි .....

72787795 625497571311278 3324402122732077056 n

මේ වැදගෙන ඉන්නෙ ඊයේ (14) ගල්ගමුව ගෝඨාබයගේ රැස්වීමේදී හූ සංග්‍රහයක් ලැබූ ශ්‍රීලනිපයේ තාරානාත් බස්නායක මන්ත්‍රීවරයාය.