පාක්ෂිකයන්ට චන්ද්‍රිකාගෙන් විශේෂ නිවේදනයක් !

පාක්ෂිකයන්ට චන්ද්‍රිකාගෙන් විශේෂ නිවේදනයක් !

මතුව ඇති අර්බුදකාරී අවස්ථාව හමුවේ ඉතිහාසයේ වැඩිම කලක් රට පාලනය කළ අභිමානවත්  පක්ෂය රැකගැනීමට පෙරට එන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක සහ වත්මන් ජ්‍යෙෂ්ඨ උපදේශිකාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය අවධාරණය කරයි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙත විවෘත නිල නිවේදනයක් නිකුත්කරමින් ය.

"ජනාධිපතිවරණ ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ හතෙන් හතරක් ඍජුව ජයග්‍රහණය කර ගැනීමට අප පක්ෂයට හැකි විය. 1994 පැවති තුන්වන ජනාධිපතිවරණයේ දී වසර 17කට පසුව පක්ෂයට රාජ්‍ය බලය ලබා දී  ලෝකයේ ජනාධිපතිවරණයක දී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා ගත් නායකයින් දෙදෙනාගෙන් එක් අයෙකු බිහි කිරීමට ද අප ආදරණීය පක්ෂයට හැකි විය. එවැනි ප්‍රතිශතයක් ලබා ගත් අනෙක් ලෝක නායකයා වූයේ  දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ය. ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ ජනාධිපතිවරණ තුනෙන් 2015 පැවති ජනාධිපතිවරණයේ දී ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයන් වූයේ අප පක්ෂයේ ම ලේකම් සහ සභාපතිවරයා යි. එහිදී පක්ෂ ලකුණ සභාපතිවරයා සතු වුව ද පක්ෂ ප්‍රතිපත්ති සහ සැබෑ පාක්ෂිකයා සිටියේ පක්ෂ මහලේකම්වරයාගේ පාර්ශවයේ ය. ඒ අනුව ගත් කල අප පක්ෂය පරාජයට පත් වූයේ ජනාධිපතිවරණ දෙකක් පමණි." යනුවෙන්ද එම නිවේදනයේ සිහිපත් කරයි.

"පක්ෂ නිර්මාතෘවරයාගේ සිට බිම් මට්ටමේ සමාජිකයන් දක්වා පක්ෂ ක්‍රියාකාරීන් දහස් ගණනකගේ ජීවිත පවා පූජා කොට රැකගත්, පක්ෂ ක්‍රියාකාරිකයින් ලක්ෂ ගණනකගේ ලේ, කඳුළු, දහදියෙන් පෝෂණය වූ පක්ෂය අද වන විට පත් ව තිබෙන ඉරණම පිළිබඳ සිත් යොමු කරන සෑම මොහොතක ම,  ඔබගේ  මෙන් ම මගේ හදවත ද නිහඬව වැලපෙයි" යනුවෙන්ද ඇය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වංචනිකයන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින්ගෙන් සමන්විත පක්ෂයක් නොවන බවත්, එය මෙරට තැලෙන පෑගෙන පොදුජනතාවගේ පක්ෂය බවත්  ජාතිවාදය, ආඥාදායක්ත්වය, මර්දනය, සොරකම, අවනීතිය රජකරන යුගයකට රට නැවත තල්ලු කිරීමට කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු සූදානම් නොමැති බව තමන් දන්නා බවත් එහි සඳහන්ය.

හිටපු ජනාධිපතිනිය විසින් නිකුත්කළ විශේෂ නිවේදනය සම්පුර්ණයෙන් පහත පළකර තිබේ.
ckb media 900px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න