ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වූ : ටීබී සහ තාරානත්වත් හූ කියා එළවයි ! 

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වූ : ටීබී සහ තාරානත්වත් හූ කියා එළවයි ! 

පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීම සඳහා අද (14) යාපහුවේ පැවති ජන රැළිය අවස්ථාවේ ඊට සහභාගීවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට දැඩි විරෝධයක් සහ "හූ" හඬින් අපවාදයට පත්වීමට සිදුවිය.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන ටී.බී. ඒකනායක සහ තාරානාත් බස්නායක යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය.

මෙහිදී පොදුජන පෙරමුණේ පාක්ෂික හූව මැඩගෙන ඉතා අපහසුවෙන් රැලිය ඇමතීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මෛක්‍රෆෝනය ගෙන පාක්ෂිකයන් වෙත හූ නොතබන ලෙස දැන්වූ අතර එහිදී පාක්ෂිකයන් ජය ඝෝෂා නගන බවක් පෙන්නුම් කෙරිණ.

මේ තත්ත්වය පසුගියදා ඇහැළියගොඩ පැවති ජන රැලියේදී ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයාට ද මුහුණදීමට සිදුවූ අතර එහිදීද පාර්ලිමේන්තු මන්ත්‍රීනී  පවිත්‍රා වන්නිආරච්චි සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නැගිට පාක්ෂික ජය ඝෝෂා මැද තත්ත්වය සමනය කරන නාට්‍යානුසාරී දර්ශනය දක්නට ලැබිණ.

සැළසුමක් ගැන සැකයක් !

මේ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර බරපතල කණස්සල්ලක් සහ කේන්තියක් ඇතිව තිබෙන බවත් එහිදී පොදුජන පෙරමුණ මේ සිදුකරන්නේ සැළසුම් සහගත දෙයක්ද යන්න ගැන විශේෂ අවධානයක් යොමුව ඇති බවත් ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

පිරිසකගේ මතය වී ඇත්තේ පසුගිය 2015 මහ මැතිවරණය අවස්ථාවේ යහපාලන ආණ්ඩුවට සහය දීම හේතුවෙන් පාක්ෂිකයන් අතර ද්‍රෝහීන් කර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මනාප ලැයිස්තුවල පහළට දැමීමට සහ පරාජය කරවීමට රාජපක්ෂවරුන් දියත්කළ සැලැස්මට සමාන සැලැස්මක් මෙහිදීද ක්‍රියාවට නංවා ඇති බවයි.

මේ හරහා ජනාධිපතිවරණය අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ජන්ද ජයග්‍රහණය සඳහා යොදාගැනීමට පමණක් ගෙන පසුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කොන්කර පළවා හැරීමට වැඩි ඉඩක් ඇති බවත් ඔවුන්ගේ මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න