ගෝඨාභය ඇමරිකාව රකින බවට දිවුරුම් දුන් පුද්ගලයෙක් - පාඨලී

ගෝඨාභය ඇමරිකාව රකින බවට දිවුරුම් දුන් පුද්ගලයෙක් - පාඨලී

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා තමන්ගේ ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කර ගන්නා බව පැවසුවද ඇමරිකන් රජය විසින් තවමත් ඒ සම්බන්ධ කිසිදු නිළ නිවේදනයක් නිකුත් කර නොමැති බව අමාත්‍ය පාඨලී චම්පික මහතා පවසයි.

පිළියන්දල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඒ අදහස් පැවසූ අමාත්‍යවරයා සදහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව රකින බවට දිවුරුම් දී එහි ස්ථිර පුරවැසිභාවය ලබා ගත් අතර එය තවමත් අහෝසි කර නොමැති හෙයින් ඔහු තව දුරටත් ඇමරිකාව රැකිීමට බැදී සිටින බවයි.

තමන්ට ජනාධිපති ධූරය සදහා තරග කරන්නට ලැබෙන නිසා ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරන බව පැවසුවද එසේ නොමැති වූවානම් කිසිසේත් එය ඉවත් කර නොගන්නා බවද ඉන් ගෝඨාභයගේ දේශපේ‍්‍රමය කෙබදුදැයි ඔප්පු වන බවද අමාත්‍යවරයා සදහන් කරන ලදී.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලෝක ඉතිහාසයේ ඇමරිකන් කාරයෙක් මේ වගේ රටක ජනාධිපතිකර ගන්න මෝඩයෝ රැලක් ලැහැස්තිවෙලා ඉන්නවා කියල දැක්කහම ඇමරිකාවට, යැංකිංට, සීඅයිඒ එකට, නේටෝ එකට ඊට වඩා ලොකු සතුටක් තිබෙනවාද?ග අපිටත් එනවා පොඩි පොඩි සතුටවල් ලාංකිකයෝ ගිහින් ඉතාලියේ නගර සභාවටල එංගලන්තයේ නගර සභාවට තේරෙනවා කියල ඇහුවහමග ඇමරිකාවේ සෙනෙට් සභාවට ගියා කියල ඇහුවම අපටත් පොඩි සතුටක් එනවාග ඇමරිකන් කාරයින්ට සතුටක් එන්නේ නැද්ද ලංකාවේ වගේ මෝඩයෝ රැලක් ඇමරිකන් කාරයෙක් රටේ ජනාධිපති කරන්න යනවා කිව්වහමග අපි එයට ඉඩ දෙනවාද නැද්ද කියන එකයි තිබෙන්නේ.  යනුවෙන්ද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න