බලය බෙදන්න බැසිල් එකඟයි : මෙන්න සාක්ෂි  !

බලය බෙදන්න බැසිල් එකඟයි : මෙන්න සාක්ෂි  !

බලය විමධ්‍යගත කිරීම සඳහා තම පක්ෂය උපරිම කැපකිරීමෙන් ක්‍රියාකරන බව බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් දෙමළ ජනතාවගේ ජන්ද තීරණාත්මක සාධකයක් වන බවත්  ඔහු සඳහන් කර ඇත.

බැසිල් රාජපක්ෂ  මෙසේ අදහස් දක්වා ඇත්තේ  ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී  බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  රටේ ජාතික ප්‍රශ්නය විසඳීමට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් එය ජනතාවට තීරණය කිරීමට ඉඩදිය යුතු බවත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් දෙමළ ජනතාවගේ ජන්ද තීරණාත්මක සාධකයක් වන බවයි.

බැසිල් රාජපක්ෂ හින්දු පුවත්පත සමඟ පැවැත්වූ එම සම්මුඛ සාකච්ඡාව පහත සබැඳියෙන්.

ඇමරිකානු - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂගේ,ගෝඨාභය රාජපක්ෂගේ  මෙන්ම ඒ  කඳවුරේම දෙබිඩි බව දැනගන්න තවත් උදාහරණ අවශ්‍ය නැත. කෙසේ වුවත් බැසිල් රාජපක්ෂ අවසන් මොහොතේ හෝ  දෙමල ජනතාව නොමග යැවීමට ඉංග්‍රීසියෙන් බොරු කියන විට ඒ කඳවුරේ සිටින විමල් වීරවංශ දකුණේ සිංහල ජන්ද වෙනුවෙන් බොරු කියයි. 

විමල්ගේ වෙබ් එකෙන් සුමන්තිරන්ට මඩක් ! 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ජනාධිපති අපේක්ෂක ගෝඨාබය හමුවීමට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් උපහාසයට ලක්කරමින් ලීඩ් නිව්ස් වෙබ් අඩවියේ පුවත් පළකරන්නේ ඒ අනූවය.  එම පුවත මගින් අවධාරණය කර ඇත්තේ, සුමන්තිරන් මන්ත්‍රීවරයා එම සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර අර්බුදයට ගෝඨාබය රාජපක්‍ෂ ලබා දෙන විසඳුම් පිළිබඳව විමසූ විට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට වඩා ඉතා විශාල ලෙස බලපාන ප්‍රශ්න දකුණේ ජනතාවට ඇති බව මහින්ද පැවසූ බවයි. 

කෙසේවුවත් රාජපක්ෂ කඳවුරේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය ශුද්ධවූ සිංහල රටක් වෙනුවෙන් ගණන් හදන මහාචාර්ය නලින්ද සිල්වා වැන්නවුන්ට දරාගත නොහැකිව තිබේ.  ඔහු තම 'කාලය' ෆේස්බුක් පිටුව තුළ වැළපී  සටහනක් තබමින් පොදුජන පෙරමුණ සූදානම් වන්නේ ගෝඨාභය පරාජය කරවීමටදැයි ප්‍රශ්න කරන්නේ ඒ අනූවය. සිංහල ජාතිවාදී පාර්ශව ජනාධිපතිවරණය ආසන්නයේ කරපිංචා ගාණට දමා විසිකිරීමත්  නලින්ද සිල්වාව  ශෝකයට හේතුවී තිබේ. එසේම මධුමාධව අරවින්ද එළවා දැමීමත්  හිත පෑරුණු තවත් සිදුවීමක් බවත් එහි සඳහන්.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න