ශ්‍රී ලාංකික මාධ්‍ය කණ්ඩායමට චීනෙදී උණුසුම් පිළිගැනීමක් !

ශ්‍රී ලාංකික මාධ්‍ය කණ්ඩායමට චීනෙදී උණුසුම් පිළිගැනීමක් !
ශ්‍රී ලංකා - චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය, චීනයේ - චොන්ග්චින් හි පිහිටි Chongqing Normal University (චොන්චින්ග් සාමාන්‍ය විශ්වවිද්‍යාලය) සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව ජනමාධ්‍ය කලාව පිළිබඳ උසස් පාඨමාලාවක් හැදෑරීමට චීනයට ගමන් කල ප්‍රථම කණ්ඩායම පසුගියදා චීනය බලා පිටත්ව ගියේය.
 
ඔවුන් පිළිගැනීමට එහිදී විශාල උත්සවයක් චොන්ග්චින් හි පිහිටි Chongqing Normal University (චොන්චින්ග් සාමාන්‍ය විශ්වවිද්‍යාලය) එම සරසවියේ උපකුලපතිවරු, පීඨාධිපතිවරු, මහාචාර්යවරු හා ආචාරවරුවරුන් විසින් සංවිධානය කර තිබීමද විශේෂිතය.
 
පුරා මසක කාලයක් මුද්‍රිත, නව මාධ්‍ය භාවිතයන්, ඩිජිටල් මෙන්ම තාක්ෂණික හා ප්‍රායෝගික දේශන වලින්ද සමන්විත මෙම පාඨමාලාව සම්බන්ධීකරණය සිදුකරනු ලබන්නේද ශ්‍රී ලංකා - චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය විසිනි.
 
මෙවර පාඨමාලවට පුවත්පත්, රාජ්‍ය මාධ්‍ය නොවන ගුවන් විදුලි, රූපවාහිනී මෙන්ම වෙබ් ආදී කේෂත්‍ර රැසක ප්‍රවීනයෝ මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් කිහිපදෙනෙකුගෙන්ද සමන්විත 20 දෙනෙකුගේ කණ්ඩායමක් ඇතුළත්ය.
 
ඔවුන් පිළිගැනීමට පැවැති උත්සවය හා ඔවුන් අදාළ පාඨමාලාව හදාරමින් චොන්ග්චින් හි පිහිටි Chongqing Normal University (චොන්චින්ග් සාමාන්‍ය විශ්වවිද්‍යාලය) තුළ කටයුතු කරනු ලබන ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

{gallery}Chongqing Normal University{/gallery}

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න