අතීතය ගැන ප්‍රශ්න අහන්න එපා : ගෝඨා මාධ්‍යවේදීන්ට කියයි !

අතීතය ගැන ප්‍රශ්න අහන්න එපා : ගෝඨා මාධ්‍යවේදීන්ට කියයි !

තමන් යුද්ධයට නායකත්වය ලබා නොදුන් බවත් ඊට නායකත්වය දුන්නේ එවකට හමුදාපති ලෙස කටයුතු කල පුද්ගලයා බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ පවසයි. 

ඔහු ඒ බව පවසා සිටියේ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී  හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනියක් වන මීරා ශ්‍රී නිවාසන් විසින් යොමුකළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

එහිදී මාධ්‍යවේදිනිය අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවටගත් හෝ හමුදාවට භාරවුන LTTE ත්‍රස්තවාදීන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි. ඊට  පිළිතුරු ලෙස ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.

නැවත මාධ්‍යවේදිනිය ප්‍රශ්නයක් නඟමින් විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත්අඩංගුවටගත් හෝ හමුදාවට භාරවුන LTTE ත්‍රස්තවාදීන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

එවිට ගෝඨාභය රාජපක්ෂ  කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.

කෙසේ වෙතත් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ එම පුද්ගලයින් සිටි තත්වය හඳුනාගෙන මාස 2ක, මාස 6ක, හා අවුරුදු 2ක ලෙස කාල සිමාවන් වලදී පුනරුත්ථාපනය කර නැවත සමාජ ගත කල බවයි. 

එසේම තවත් විදෙස් මාධ්‍ය ආයතනයක  මාධ්‍යවේදියකු අතුරුදහන්වුවන් ගැන විමසීමේදී ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ තමන් ඊළඟට එන්න ඉන්න ජනාධිපති බැවින් අතීතය ගැන වැදගත් නොවන බවත් අනාගතය ගැන අසන ලෙසය. 

ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍යවේදියා පෙරලා ප්‍රශ්න කර සිටියේ අතීතය අමතක කර අනාගතය ගොඩනගන්නේ කොහොමද කියාය. එහිදී  ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ "ඇයි බැරි" කියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න