ශ්‍රීලනිප ආසන සංවිධායකයන් 183ක සහය සජිත්ට !

ශ්‍රීලනිප ආසන සංවිධායකයන් 183ක සහය සජිත්ට !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොටස් තුනකට වෙන් වී ඇති අතර, තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධානයකවරුන් 183 දෙනෙකු පොදුජන පෙරමුණේ අපේක්‍ෂයා පරාජය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ලේකම් නීතිඥ රජිත කොඩිතුවක්කු  පැවසීය.

ඒ පිළිබඳ වැඩිදුටරත් අදහස් දැක්වූ නීතිඥ  රජිත කොඩිතුවක්කු ,

"ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයාට සිදුවුණ හානියෙන් ඔවුන්ව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. තනතුරු වරප්‍රසාද සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයෝ ටික පොදුජන පෙරමුණ සමග එකතු වුණත් නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති එක්ක ඉන්න ගමේ මනුස්සයා කැමති නැහැ එහෙම එකතු වෙන්න. ඔවුන් රාජපක්‍ෂවරුන්ට විරුද්ධව කටයුතු කරනවා.  රාජපක්‍ෂවරුන්ව පරාජය කිරීම සඳහා අපි ඔවුන්ට නායකත්වය ලබාදෙනවා.

ජනාධිපතිතුමා ස්වාධීනව සිටිනවා කියලා කියනවාට වඩා ජනාධිපතිතුමා පොදුජන පෙරමුණට ගියේ නැහැ කියන එකයි තිබෙන හොඳම සංඥාව. හැමෝම කැමති විදිහට ජනාධිපතිතුමත් ඔවුන්ට උදවු කරන්න සියයට සියයක්ම කැමති නම් එතුමා ඒ වෙනුවෙන් මේ අවස්ථාවේදී පෙනී ඉන්නවා. නමුත් ජනාධිපතිතුමා රාජපක්‍ෂවරුන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ කියන දෙයින් අදහස් වෙන්නේ එතුමා එයට කැමති නැහැ කියන කාරණය. කැමති අයට යන්න කියලා ජනාධිපතිතුමා නතර වුණා.

ජනාධිපතිතුමාව අසරණ කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 ඔවුන්ගේ අනාගතය ගැන හිතලා ගත්තු තීන්දුවට වඩා ආසන සංවිධායකවරු 183 දෙනා ජනාධිපතිතුමාට කරන ලද ඉල්ලීමට ජනාධිපතිතුමා ප්‍රතිචාර දැක්වුවා කියලා තමයි අපි හිතන්නේ. පොදුජන පෙරමුණ පරාජයට පත්කළ යුතුයි කියන අපේ අදහසේම තමයි ජනාධිපතිතුමාත් ඉන්නේ. එය ප්‍රකාශ කරන්න ජනාධිපතිතුමාට සීමා සහිත අවස්ථාවක් තිබෙන්නේ. අපි අපේ ස්ථාවරය ප්‍රකාශ කරනවා" යැයිද පවසා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න