දමිළ නාම පුවරුවක් දරාගන්න බැරි අය ජාතික සමඟිය හදන්නේ කොහොමද ?

දමිළ නාම පුවරුවක් දරාගන්න බැරි අය ජාතික සමඟිය හදන්නේ කොහොමද ?

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නාමපුවරුව මේ වනවිට ඇතැම් දේශපාලනඥයන්ට විශාල ගැටලුවක් වී ඇති බවත්, ඒ හරහා විශාල මඩ ගොහොරුවක් නිර්මාණය කරමින් සිය දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමේ වෑයමක නිරතවෙමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක  පවසයි.

jaffna 2යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නාමපුවරුවේ දෙමළ නම ඉහළින්ම සඳහන් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන රාජපක්ෂලාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය කාර්යාලයේ නාමපුවරුවේ දෙමළ නම ඉහළින් සඳහන් වීම අමතක වී ඇති බවත් අනුර දිසානායක ඔහු සඳහන් කරයි.

මෙවැනි ඉතා පහත් ආකාරයේ උපක්‍රමවලින් පවා ජාතිවාදය අවුස්සන දේශපාලනඥයන්ගෙන් ජාතික ආරක්ෂාවක් හෝ ජාතික සමගියක් බලාපොරොත්තු විය හැකිද යන්න අනුර දිසානායක  ප්‍රශ්න කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික සමගිය පිළිබඳ, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වනවිට රටට එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනි ත්‍රස්ත සංවිධාන නොමැති බවත් ඇත්තේ ජාතීන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් ගොඩනැගී ඇති අනාරක්ෂිත බවත් යැයිද ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව එම අනාරක්ෂිත බව නැති කිරීමට කළයුතු එකම දේ ජාතීන් අතර ජාතික සමගිය ගොඩනැගීම බවත් ජවිපෙ නායකයා පවසනවා. ප්‍රධාන පක්ෂ ‍දෙකම මෙම තත්වය අවබෝධ කරගෙන නොමැති බැවින් ඔවුන්ට ඒ සඳහා කිසිදු වැඩපිලිවෙලක් නොමැති බව පෙන්වා දෙන අනුර දිසානායක පවසන්නේ ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඇත්තේ ජාතික ජන බලවේගයට පමණක් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න