ගෝඨාගෙන් ප්‍රශ්න අහන්න එපා : මෙල්බර්න් වාසීන්ටත් වාරණයක් !

ගෝඨාගෙන් ප්‍රශ්න අහන්න එපා : මෙල්බර්න් වාසීන්ටත් වාරණයක් !

හෙට ( 20) මෙල්බර්න් නගරයේදී පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ට  ජය පතා සම්මන්ත්‍රණයක් පැවැත්වෙන අතර ඊට සහභාගී වන පිරිසට ගෝඨාභය වෙතින් ප්‍රශ්න නොඅසන ලෙස දන්වා ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට  ස්කයිප් ඔස්සේ මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන අතර ඊට  උදය ගම්මන්පිල , සරත් වීරසේකර, අලි සබ්‍රි සමග ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන බවත් මෙල්බර්න් හී වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට දන්වා තිබේ.

එහෙත් විශේෂත්වය වන්නේ සහභාගීවන්නන්ට ගෝටාගෙන් ප්‍රශ්න ඇසීමට අවසර නොදීමයි. ප්‍රශ්නවලට පිලිතුරු දෙන්නේ ඉහත තුන්දෙනා පමනි. මේ බව සංවිධායකයන් අද (19) මෙල්බර්න් රේඩියෝවලින් ජනතාව දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධව අප වෙත තොරතුරු වාර්තා කරන මෙල්බර්න් වාසී ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහන් කර සිටියේ  පසුගිය  සතියේ මේ ආකාරයටම ජාතික ජන බලය සංවිධානයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහය දක්වන සම්මන්ත්‍රණයක් පැවති බවත් ඊට සහභාගී වූ සිනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වෙතින් ප්‍රශ්න කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව තිබු බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න