ගෝඨාගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් ලක්ෂයකට රැකියා අහිමිවෙනවා - අගමැති

ගෝඨාගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් ලක්ෂයකට රැකියා අහිමිවෙනවා - අගමැති

ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් ලක්ෂයකට පමණ රැකියා අහිමිවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති මහජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“පොහොට්ටුවේ අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කීවා. ඒක හරිම හොඳ ප්‍රතිපත්තියක්. සංස්ථාවල ලක්ෂයකට රැකියා නැති වෙනවා බඩු මිල වැඩිවෙනවා.

ඒක තමයි නොකියා කීවේ. සියලු රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවාලු ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයෙන් මින් පස්සේ සංස්ථාවලට ගෙවන්නේ නෑ.

භාණ්ඩාගරයෙන් පාඩු වන ආයතන වලට ගෙවන මුදල රුපියල් කෝටි 2600 ක්. සංස්ථා ගනණාවක් පාඩු ලබනවා. ඒ ගොල්ලන්ට ආදායමක් සොයා ගන්න බැහැ. ආදායම අඩුයි. භාණ්ඩාගාරයෙන් දෙන මේ කෝටි 2600 නතර කළොත් මොකද වෙන්නේ. දැනට දෙලක්ෂ තිස් දහසක් මේ සංස්ථාවල වැඩ කරනවා. මේ කෝටි 2600 නතර කළොත් ලක්ෂයකට රැකියා නැති වෙනවා.

ඇයි? රැකියා අඩු කරන්න ඕනේ. වියදම් අඩු කරන්න ඕනේ. මේ සංස්ථා ලාභයට ගෙනියන්න. අපි දැනට කෝටි 2600 ක් දෙනවා. අපි සල්ලි දීලා ක්‍රමානුකූලව වසර දහයක් තුළදී මේ පාඩුව අඩුකරගනිමු. නවත්වන්න බෑ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න