සිරස, හිරු, දෙරණ, ටීඑන්එල් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

සිරස, හිරු, දෙරණ, ටීඑන්එල් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ටීඑන්එල්, සිරස, හිරු, සහ දෙරණ මාධ්‍ය ආයතනය මෙම මැතිවරණයේදී සාධාරණත්වයෙන් තොරව තමන් කැමති ජනාධිපති ඇපේක්ෂකයන් වෙනුවෙන් වැඩි ගුවන් කාලයක් ලබා දෙන බවත්, එහෙත් පොදු දේපළක් වන රූපවාහිනිය හා ගුවන්විදුලි සංඛ්‍යාත මෙම ආයතනවලට ලබා දී ඇත්තේ නොමිලේ බැවින් මේ පිළිබඳ මැදිහත් වෙන්නැයි ඉල්ලා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුර තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ සඳහා තමන්ට මැදිහත් විය හැක්කේ මාධ්‍ය උපමාන පැනවීම මගින් පමණක් බවත්, සංඛ්‍යාත සම්බන්ධ ගැටළුවට මැදිහත් වීමට හැකියාවක් ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමට හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බවත් ය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසුව රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය නියමනය කිරීමේ අයිතිය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවණ කොමිසමට පැවරීමට නීති රීති ගෙන ඒමට එකළ සූදානම් තිබුණත් එය සිදු නොවීමේ ප්‍රතිඵලය දැන් අත්විඳීමට සිදුව ඇතැයිද එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

(රාවය) 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න