තරුණයන් උස්සපු නාවික නිලධාරීන් : ගෝඨාබයගේ ජන්ද වැඩේ !

තරුණයන් උස්සපු නාවික නිලධාරීන් : ගෝඨාබයගේ ජන්ද වැඩේ !

දෙහිවලදී පැහැරගත් ළමුන් පස්දෙනා ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට සැක නාවික හමුදා නිලධාරීන් රැසක් ගෝඨාබය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරයේ කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

මෙම නාවික හමුදා නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ පැවති අතර ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි. 

එහෙත් ඔවුන්ට නාවික හමුදාව තුල  තවදුරටත් කටයුතු කිරීමේ හැකියාව ලැබුණු අතර ඔවුන් කිසිවිටෙක වැඩ තහනමට ලක් නොවුණි. එම නිලධාරීන් සමහර දෙනෙකුට නාවික හමුදාව විසින් උසස්වීම්ද ප්‍රධානය කර ඇත. 

මෙම අපරාධයට සැක නාවික නිලධාරීන් අතරින් කිහිපදෙනෙක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට දායක වෙමින් සිටින බව වාර්තා වෙයි.

මෙම සිද්ධියට අදාලව 15 දෙනෙක් නාවික සෙබලුත් අත්අඩංගුවට පත්වූ අතර එයින් 10 වෙනි සැකකරු පමණක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියි. අනෙක් බොහෝ දෙනෙක් සැකකරුවන් මේ වන විට ඇප ලබා සක්‍රීය සේවයේ නිරත වේ.

(අනිද්දා )

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න