රාජපක්ෂ යුතුකම් ඉටුකරයි : පිල්ලෙයාන් බලන්නත් යයි !

රාජපක්ෂ යුතුකම් ඉටුකරයි : පිල්ලෙයාන් බලන්නත් යයි !

මේ දිනවල සිය පක්ෂයේ ජයග්‍රහණය සඳහා මහින්ද රාජපක්ෂ මහතා දේශප්‍රේමය පසෙක තබා අවශ්‍ය කටයුතු සියල්ල කරමින් සිටින අතර ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ  බන්ධනාගාරගතව සිටින පිල්ලයාන් හෙවත් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් බැහැදක්නට ගොස් ඇත.

වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂ මෙලෙස නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්  හමු වූයේ මඩකලපුව බන්ධනාගාරයේදීය.

එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා සිටියේ "අපි දීපාවලියට සුබ පතනවා. ඒ වගේම වතුකරයේ කණගාටුදායක සිද්ධියක් තියනවා. වෙනදාට දීපාවලි ඇඩ්වාන්ස් එකක් දෙනවා. ඒ ඇඩ්වාන්ස් එක අද වෙනකන් දීලා නෑ වතුකම්කරුවන්ට. ඉතින් අපි ඒකටත් විරෝධය පළ කරමින් අද මේ ස්ථානයට ආවා පිල්ලයාන් මහත්තයා බලන්න. ඊයේ රැස්වීමක් තිබුණේ එහිදී ඔහුගේ දෙමාපියන් හමුවුණා. අද ඔහුව බලලා සුවදුක් බලාගෙන යනවා. ඇත්ත වශයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට අපි කියනවා මේ පාර හරි තීන්දුව ගන්න. වැරදි තීන්දු ගන්නේ නැතුව කියලා." යනුවෙනි.

පිල්ලෙයාන් හිරේ ඉන්නේ ඇයි ?

පිල්ලෙයාන් මේ ආකාරයට බන්ධනාගාර ගතකර සිටින්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසේකරම් ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සහා අවි සැපයීම ඇතුළු චෝදනා පදනම්වය. එහෙත් රාජපක්ෂ පාලන සමයේ ඒ කිසිවක් සම්බන්ධව විමර්ශන සිදුනොවුණු අතර LTTE සංවිධානය අත්හැර පැමිණි පිල්ලෙයාන් පුනරුත්ථාපනය නොකරම  නැගෙනහිර පළාතේ මහ ඇමති කෙරුණේ  ඔහු කොන්දේසි විරහිතව රාජපක්ෂ පවුල සරණ ගිය නිසාය. නැගෙනහිර මුස්ලීම් ජන්ද කොල්ලකන්න රාජපක්ෂලා යොදාගත්තේ ඒ පුනරුත්ථාපනය නොවුණු පිල්ලෙයාන් සහ ඔහුගේ කල්ලිය.

රාජපක්ෂ වෙනුවෙන් සේවය සේවය !

රාජපක්ෂ පවුල වෙත සහය දෙනවා නම් ඕන දෙයක් දෙන්න සූදානම් රාජපක්ෂලා ඒ ආකාරයට මහ ඇමැතිකර පළාතේ ප්‍රධාන පුරවැසියා කලේ අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කළ, දළදා මාලිගාවට පවා බෝම්බ ගැසූ කාඩර්වරුන් ට නායකත්වය දුන්න පිල්ලෙයාන්වය. පසුගිය සමයේ දිගින් දිගටම රාජපක්ෂ හිතවාදීන් උත්සාහ ගත්තේ පිල්ලෙයාන් නිදහස් කරගන්නය. ඒ අන් කිසිවක් නිසා නොව පිල්ලෙයාන් ලවා දෙමල සහරාන්ලා නිර්මාණය කර ගන්නටය.

මුස්ලීම් සහරාන්ලා මෙන්ම  සිංහල සහරාන්ලා පමණක් නොව දෙමල සහරාන්ලාද වැටුප් ගෙවා නඩත්තුකර පවත්වාගෙන යාමේ මේ රාජපක්ෂ උපක්‍රමය පැහැදිලිය. අලුත්ගම ධර්ගා නගරයේ සිට මහනුවර දිගන ප්‍රහාරය දක්වාත්, පාස්කු ප්‍රහාරයේ සිට තැන තැන දියත්වූ ජාතිවාදී සහ ආගම්වාදීන් ඇතුළත් සියලු අන්තවාදී ත්‍රස්තයන් සිටින්නේ රාජපක්ෂලාගේ මල්ලේය. ඔවුන්ගේ වගකීම වන්නේ වෙලාව  පැමිණි විට රාජපක්ෂලා වෙනුවෙන් වගකීම ඉටු කිරීමය. මුස්ලීම් සහරාන් බෝම්බ  ගසා ගියපසු ජාතික ආරක්ෂාවට කියා ෂෝ මෑන් එළියට ආවේ ඒ අනුවය.

රාජපක්ෂලාගේ රණවිරු, දේශප්‍රේමී,  ප්‍රෝඩාව ඔප්පු කිරීමට මේ හොඳටම ප්‍රමාණවත් වුවත් ඒ කඳවුරේ සිංහල සහරාන්ලා ඒ  නිහඬය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න