හිරු නාලිකාවේ ඇත්ත බිස්නස් : ඇමති මංගල හෙළිකරයි ! (වීඩියෝ)

හිරු නාලිකාවේ ඇත්ත බිස්නස් : ඇමති මංගල හෙළිකරයි ! (වීඩියෝ)

ආණ්ඩුවේ ප්‍රකාශ සහ ආණ්ඩුවට හිතවත් පාර්ශවයන්ගේ අදහස් විකෘති කරමින් විකාශය කිරීමට කටයුතු කරන  හිරු නාලිකාව පිළිබඳ ජනතාව තීන්දුවක් ගතයුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

හිරු නාලිකාව කළු සල්ලි සුදුකරන ජාවාරම්කාර  ව්‍යාපාරයක් බවත්, ඔවුන්ගේ අයථා ව්‍යාපාර ගෝඨාභය රාජපක්ෂ පාලනයක්යටතේ ගෙන යාමට හැකි බවට ඔවුන්ට තිබෙනා විශ්වාසයත්, මිනීමැරුමක් නිසා බන්ධනාගාර ගතවසිටිනා තම සහෝදරයා බේරා ගැනීමේ බලාපොරොත්තුවෙනුත් හිරු නාලිකාව විසින් මෙලෙස  අසික්කිත ජනමාධ්‍ය කලාවේ නියැලෙන බවත්  අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර  මේ බව සඳහන් කර සිටියේ මාතර පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එමෙන්මවර්තමානයේ දී සමහර පෞද්ගලික මාධ්‍ය නාලිකා විසින් රජයේ ප්‍රකාශන විකෘති කරන නමුත්  ඒ හරහා  වත්මන් ආණ්ඩුවට විරුද්ධව විශාල ලෙස මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වුවද අතීතරජයන් මෙන් තම රජය මාධ්‍ය මර්ධනය නොකරනා බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රීලනිපය රකින්න කාටත් වඩා සුදුසුකම් තියෙන්නේ චන්ද්‍රිකාට !

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුව ඇති අර්බුදය සම්බන්ධවද අදහස් දැක්වීය. ඒ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහමුලින් විනාශ කිරීමට මුල්වී ක්‍රියාකළ සාහසිකයන්  අද පක්ෂය  රැක ගැනීම වෙනුවෙන්   හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ආරම්ඹ කර ඇති සටන විවේචනය කරන බව පෙන්වා දෙමිනි.

අමාත්‍යවරයා මේ බව  සිටියේ මාතර පැවති විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. වසර 16 කට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මාවතකට ගැනීමට හැකිවූයේ හිටපු ජනාධිපතිනියගේ මැදිහත්වීමෙන් බව සිහිපත් කල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ නිදහස් පක්ෂය රැකගැනීමේ යුතුකම සහ සුදුසුකම අන් කාටත් වඩා හිටපු ජනාධිපතිනියට ඇති බවය.

එසේම ෆැසිස්ට්වාදී අන්ත දක්ෂිණාංශික පාලනයක් වළක්වාලන අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිදහස් පක්ෂය සුරකීමේ සටනට එක්සත් ජාතික පක්ෂයේද සහය ලබාදෙන බවත් එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න