වීර සපුමල් එයි : දයාසිරි බැංකු හොරෙක් කරයි !

වීර සපුමල් එයි : දයාසිරි බැංකු හොරෙක් කරයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණේ වේදිකාවේ තබා හූ කියා නින්දාවට පත්කරන රාජපක්ෂලා එහි තවත් පියවරක් ලෙස තම ප්‍රචාරක ව්‍යාපෘතියේ නියමුවන් යොදවා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ විවිධ අක්‍රමිකතා ප්‍රසිද්ධ කරවීමටද කටයුතු යොදමින් සිටියි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස ආචාර්ය රාජා ධර්මපාල විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද 'වීර සපුමල් යළි ඇවිත්' නමැති කෘතියේ එක් තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර දුෂිතයකු ලෙසට චෝදනා කර ඇත්තේද ඒ අනුව බවත් වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ද බැංකු මංකොල්ලයේ මුදල් කෝටි ගණනින් ලබාගෙන ඇතිබවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද ඉන් එක් අයකු බවත් කතුවරයා විසින් අවධාරණය කර තිබේ.

'වීර සපුමල් යළි ඇවිත්' නමැති කෘතියේ 04 වැනි පිටුවේ ඒ සම්බන්ධයෙන් මෙවැනි සටහන් ඇත.

''අර්ජුන් මහේන්ද්‍රන්ව පිටරට ඉඳලා ගෙන්නගෙන මහබැංකු අධිපතිකම දුන්නා. එහෙම දුන්නේ වෙන මොහොකටවත් නොව එහි මුදල් කොල්ලකන්න පොට පාදන්න. අර්ජුන් විදේශිකයෙක්. එයාට ලංකාවේ බැංකු ගැන තැකීමක් නැහැ.

මේ බැංකුවේ කෝටි ගණන් මුදල් පාවිච්චි කරලා තියෙන්නේ ඇතැමුන්ට ගෙවල් ගන්න, විදේශ සංචාරවලට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ව්‍යාපාර කටයුතුවලට, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මේ බැංකු මංකොල්ලයේ සල්ලි කෝටි ගණනින් අරන් තියෙනවා. එකකෙනෙක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර''

දැඩි රාජපක්ෂ භක්තිකයකු වන ආචාර්ය රාජා ධර්මපාල විසින් මිට ඉහතදී ‘'භූපති දුටුගැමුණු ජනපති මහින්ද" නමින් ද කෘතියක් ප්‍රකාශයට කර තිබිණ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ( 2018)  ජුලි මස 24දා ඊට අදාල උත්සවය පැවතියේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරයේදී දීය.

උත්සවයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පැවසුයේ අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට අගමැතිවරයා කටයුතු කරන්නේ නම්, 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතේ චෝදනාවලට පිළිතුරු දීමට තමා සුදානම් බවයි.  

456cf62c 422c 43d7 806c 6643e9affeeb

e488b886 ef73 48f9 84dd 261dabc07a1b

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න