තැපැල් ඡන්ද විමසීම ඇරඹෙයි

තැපැල් ඡන්ද විමසීම ඇරඹෙයි

‍ජනාධිපතිවරණයට අදාළව පැවැත්වෙන තැපැල් ඡන්දය භාවිත කිරීම අද (31දා) ආරම්භ විය.

මේ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්දය භාවිතා කිරීම අද (31දා) සහ හෙට (01දා) යන දෙදින තුළ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්දය පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කළද තැපැල් ඡන්දය සාමාන්‍ය ලෙස කාර්යාල වේලාවන් තුළදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් 659030 ක් සුදුසුකම් ලබා සිටින අතර මධ්‍යස්ථාන 1700 කදී ඡන්ද විමසීම සිදුකෙරේ.

තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, මීට අමතරව පොලිස් ජංගම රථ මගින්ද අවට ප්‍ර‘දේශවලට ආරක්‍ෂාව ලබාදීමට සැලසුම් කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න