දෙක බැලන්ස් කරගන්න :  GOMA ලොක්කා බලෙන්ම සජිත්ගේ උත්සවයට ඇවිල්ලා !

දෙක බැලන්ස් කරගන්න :  GOMA ලොක්කා බලෙන්ම සජිත්ගේ උත්සවයට ඇවිල්ලා !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය බලහත්කාරයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන අවස්ථාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද (31) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්  මහනුවරදී සිදුකළ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර  ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගීව සිටියහ.

මෙම අවස්ථාවට බලහත්කාරයෙන් පැමිණ සිටි ගොමා (GOMA ) සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මාධ්‍ය වෙත පෙනෙන ආකාරයට අවස්ථා කිහිපයකදී අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වෙත සමීපවීමට උත්සාහ කළ බවත් සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියෙකු newstube.lk  වෙත පැවසීය.

එහෙත් එම කිසිවෙකු ඔහුව පිළිනොගත් බවත් එනිසා පාදෙණිය උත්සව සභාවේ එහෙමෙහෙ ඇවිදිමින් එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණසිටි මාධ්‍යවේදීන් ඉදිරිපිට අසාමාන්‍ය ලෙස ගැවසෙනු දක්නට ලැබුණු බවත් එම සංවිධායක මණ්ඩල ප්‍රධානියා පැවසීය.

එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉතා අසාධාරණ ඉල්ලීම් සහ රෝගී ජනතාව දසදහස් ගණනක් ඉතාම දුෂ්කරතාවයට පත්කරවමින් පසුගිය සාමය පුරා අඛණ්ඩව වෛද්‍ය වැඩවර්ජන දියත් කරවූ අනුරුද්ධ පාදෙණිය එම පාපකර්මයට මුල්වූයේ ආණ්ඩුව සම්බන්ධව ජනතා අප්‍රසාදය ඇතිකිරීම සඳහා බවත් ඔහු ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ප්‍රසිද්ධියේ දේශපාලනය කරන අයෙකු බව රටම දන්නා කරුණක් වන බවයි.

වෛද්‍ය ආචාර ධර්ම පවා කෙළෙසමින් ගොමාව ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් සම්බන්ධකර සිටින පාදෙණිය මේ ආකාරයට මහනුවර පැවති ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට පැමිණියේ ඔහු පසුගියදා පැවති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීම නිසා සමාජ ජාල මාධ්‍ය මෙන්ම පොදුජනතාව වෙතින්  එල්ලවූ දැඩි විරෝධය සමනය කරගැනීමේ කපටි චේතනාවෙන් බව ඉතාම පැහැදිලි බවත් ඔහු පැවසීය.

පාදෙණිය ගෝඨාභයගේ වේදිකාවේ සිටි ආකාරය !
padeniya 1000px
අසරණ රෝගී ජීවිත  අවධානමේ හෙලා කටයුතු කළ මහා පාවාදෙන්නෙකු වන අනුරුද්ධ පාදෙණිය වැන්නෙකුට නව  සමාජ විප්ලවයක් වෙනුවෙන් කැපවෙන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වන ලෙස කිසිඳු ආරාධනාවක් සිදු නොකළ බවත් ඔහු අවධාරණය කළේය.

එසේම ඇමතිවරුන් මැදින් වාඩිවී සිටි පාදෙණියව ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලයේ කිහිපදෙනෙකු යෝජනා කළත් "ගොන් පාර්ට් - මෝඩ ආතල්" නිසා ඉන්නට ඉඩහළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න