හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ මුලිකත්වයෙන් යුතු 'අපි ශ්‍රී ලංකා' ව්‍යාපාරය, මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතව කටයුතු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව 'අපි ශ්‍රී ලංකා' ව්‍යාපාරය හා එක්සත් ජාතික පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් හෙට (01) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අත්සන් කිරීමට නියමිතයි.
හෙට පැවැත්වෙන මෙම උත්සවයට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ද සහභාගිවීමට නියමිතයි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් බහුතරයක ගෙන් සමන්විත 'අපි ශ්‍රී ලංකා' සංවිධානය, ශ්‍රීලනිපය රැකගැනීම සඳහා රාජපක්ෂ පවුලේ පක්ෂයට එරෙහිව දීපව්‍යාප්තව රැස්වීම මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති අතර නොවැම්බර් 05 දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී සමුළුවක් කැඳවීමට ද කටයුතු කරමින් සිටියි.

