නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස සිය දේශපාලන වේදිකාවේදී පළකරන අදහස මේ දිනවල දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්ව තිබෙන පසුබිමක ලෝකප්‍රකට ‘පෑඩ් මෑන්‘ වන ඉන්දීය ජාතික අරුණාචලම් මුරුගනාදම් ඊයේ (2) තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසව අගය කර තිබේ.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ,
''ලොව පුරා සිටින නායකයින් කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාවේ වැදගත්කම මනාව වටහාගෙන තිබීම හොඳ වෙනසකි. මෙවැනි නායකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ වෙනුවෙන් වූ විවිධ මුල පිරීම් නිවේදනය කරයි.
මෑතකදී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දැරිය හැකි ඔසප් සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමේ වැදගත්කම ගැන හඬ අවදි කළේය. ඔහු එරට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වේ. තමන්ව ‘පෑඩ් මෑන්‘ ලෙස හැඳින්වීම ගැන ඔහු සතුටු වන අතර කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට නොමිලේසනීපාරක්ෂක තුවා ලබාදීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවකි.
මේ ජාතික නායකයින් ඔසප් සනීපාරක්ෂාව ගැන හඬ අවදි කරන නියෝජිතයන් වීමට කාලයයි. දැන් බංග්ලාදේශය තුළ ද සරණාගත කාන්තාවන් හැ ගැහුණු දැරිවියන් උදෙසා ඔසප් සමයේ සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමට පෙළඹී තිබේ‘‘ යනුවෙනි.
(මූලාශ්‍රය : ලංකා ගාර්ඩියන් )

