මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දණ්ඩ මුක්තියක් නෑ : ආණ්ඩුවට සිහිකැඳවීමක් !

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දණ්ඩ මුක්තියක් නෑ : ආණ්ඩුවට සිහිකැඳවීමක් !

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තියඉටු කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වු වර්තමාන ආණ්ඩුවෙහි නිල කාලය අවසන් වනවිටත්, ඒ සම්බන්ධයෙන්යුක්තිය ඉටු කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම දැඩි අප්‍රසාදයපළ කර සිටියි.

නොවැම්බර් 02 යෙදෙන ජනමාධ්‍යවේදීන්ටඑරෙහි අපරාධ සම්බන්ධයෙන් වන දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනයනිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව සඳහන් කරන අතර "ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම ඕනෑම රජයක ප්‍රමුඛ වගකීමක්" මැයෙන් එම නිවේදනය නිකුත්කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.2000-2015 කාලවකවානුව තුළමෙරට ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවු අපරාධ අතරින් දණ්ඩ මුක්තියට අදාළව තෝරාගත්සිදුවීම් තිහක් සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදු කළ අධ්‍යයනයකින්පැහැදිලි වන්නේ, ඒ අතරින් එකමසිදුවීමක් සම්බන්ධයෙන් හෝ යුක්තිය ඉටු කිරීමට මෙම ආණ්ඩුව ද මෙතෙක් අසමත් ව  ඇති බවයි.ඒ හැරුණු විට නිරීක්ෂණය වු ප්‍රධාන ගැටලුවක්වන්නේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදි හා ප්‍රමාණවත් තොරතුරු වගකිව යුතු ආයතනසතුව නොමැති බවයි.

එසේම ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රජයේ නිල ප්‍රකාශ හා සත්‍යතත්ත්වය අතර විශාල පරතරයක් පවතින බවයි.නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුලු මෙරට ජනමාධ්‍යසංවිධාන ඉහත අපරාධ සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගැනීම පිණිස පුර්ණබලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස කලක සිට ඉල්ලා සිටියේ ඉහත  ගැටලුවට ද විසඳුමක් වශයෙනි. එහෙත් එම ඉල්ලීමඉටු කිරීමට ද වත්මන් ජනාධිපතිවරයා අසමත්ව ඇත.එයින් පැහැදිලි වන්නේ මේ සම්බන්ධයෙන් දේශපාලනඅධිෂ්ඨානය පිළිබඳ විශාල ගැටලුවක් පවතින බවයි.

පසුගිය ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවලදි මාධ්‍යයටඑරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ප්‍රධාන ප්‍රතිඥාවක් බවට පත්ව තිබුනමුත් මෙවර ජනාධිපතිවරණයේ දී එබඳු අවධානයක් හෝ මෙම බරපතල ගැටලුව කෙරෙහි යොමු වීනොතිබීම කණගාටුවට කරුණකි.

2019 නොවැම්බර් 02 වැනිදාට යෙදෙනදණ්ඩමුක්තිය අවසන් කිරීම සම්බන්ධ ජාත්‍යන්තර දිනය සිහි කැඳවමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයවිසින් නැවත නැවතත් අවධාරණය කර සිටින්නේ දණ්ඩ මුක්තිය අවසන් කිරීම පත්වන ඕනෑම රජයකප්‍රමුඛ වගකීමක් වන බවයි.

එමෙන්ම  මාධ්‍යප්‍රජාව සහ සිවිල් සමාජය වෙත දැඩිව අවධාරණය කර සිටින්නේ ඉහත දුර්වලතා මඟ හරවාගනිමින් ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වු දණ්ඩමුක්තිය අහෝසි කර යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් කළ යුතු බවයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න