මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසීය.
මහජනතාව ඇතුළු අවශ්‍ය සියලු දෙනාගේ විචාරය පිණිස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එය නිවැරදි යයි නීතිපති විසින් එකඟතාවය පළ කර ඇති එම ගිවිසුමේ පිටපත මාධ්‍ය වෙත මේ සමග නිකුත් කර ඇතිබවද හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුමක් නොමැති ඇතමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි පැවසුවද සනාත නොකළ ලියවිල්ලක් පිළිබඳව උත්තරීතර පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
දැනගෙන කියන්න !
මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගත වන බවත් ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වේ යැයි සිතන ඕනැම පුරවැසියෙකුට එයට විරුද්ධව අධිකරණයට යාමේ හැකියාව තිබෙන බවත් මෙහිදී අමාත්‍යවරයා සිහිපත් කරයි.
එසේම දැනට මේ සඳහා නීතිපතිගේ එකඟතාවය ලැබී ඇති බැවින් මෙම ගිවිසුමට අත්සන් තබීමේ නීතිමය ගැටලු කිසිවක් නොමැති බවත් ඇමරිකාව සමඟ මෙම මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මේ මොහොතේ ඒ පිළිබඳව ජනතාව තුළ භීතිකාවක් මවන පුද්ගලයන් මෙමඟින් රටට හා ජනතාවට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් ඇත්නම් වහා හෙළිකල හෙළිකළ යුතු යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් අවධාරණය කරයි.
මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමේ පිටපත මෙන්න
මේ අතර ඊයේ (02) පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් මංගල සමරවීර අමාත්‍යවරයා සදහන් කර සිටියේ පරාජය හමුවේ වියරු වැටී සිටින ගෝඨාභය රාජපක්ෂ කදවුර අද ඇමරිකාවට මේ රට පාවාදෙන බවට ආණ්ඩුවට චෝදනා කරමින් අසත්‍යය වපුරමින් සිටින බවය.

