ITN වෙත පමණක් සිදුකළ වාරණය මැකෝ හකුළා ගනියි !

ITN වෙත පමණක් සිදුකළ වාරණය මැකෝ හකුළා ගනියි !

ජනාධිපතිවරණ ප්‍රතිපල විමසා ඡන්ද ප්‍රතිපල ප්‍රකාශයට පත්කරන තෙක් ස්වාධීන රූපවාහිනි සේවය (ITN) ඔස්සේ  විකාශය කරනු ලබන දේශපාලන පසුබිමක් සහිත සියලුම වැඩසටහන් වලට බාධා පමුණුවමින් ඊයේ  (02) නිකුත්කර තිබු නියෝගය හකුලා ගැනීමට මැතිවරණ  කොමිෂන් සභාව අද (03) තීරණය කර තිබේ.

ඊට අදාල ලිපිය අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිනිය වෙත යොමුකර ඇත.

අදාළ නියමය පිළිබඳව විවිධ පාර්ශවවලින් ඉදිරිපත් වී ඇති නියෝජන සලකා බැලීමෙන් අනතුරුව, විශේෂයෙන්ම එක් රූපවාහිනී නාලිකාවලට පමණක් මෙවැනි නියමයක් නිකුත් කිරීම හේතුවෙන් වෙනස්ව සැලකීමක් සිදුවන බවට ඉදිරිපත් වූ නියෝජනය සලකා බැලීමෙන් අනතුරුව, ජනාධිපතිවරණය නිමවන තෙක් ස්වාධීන රූපවාහිනී සේවයේ දේශපාලනමය සම්මුඛ සාකච්ඡා යනාදිය අත්හිටුවන ලෙස කරන ලද නියමය බල රහිත කරන බව මැතිවරණ කොමිසම විසින් ITN සභාපතිනිය වෙත එමඟින් දන්වා තිබේ.

මාධ්‍ය උපමාන උල්ලංඝණය කිරීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශව වෙත සහ ස්වාධීන රූපවාහිනී සේවයට අදාළව නිකුත් කරනු ලැබූ තහනම් නියෝගය සම්බන්ධයෙන් නියෝජන ඉදිරිපත් කළ පාර්ශව වෙත ද පිටපත් සහිතව එම ලිපිය යොමුකර ඇති අතර එය පහත දැක්වෙයි.

itn meco letter

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න