හූ තිබ්බේ පොහොට්ටුවේ බේබද්දන් : ශාන්ත බණ්ඩාර ප්‍රසිද්ධියේ කියයි !

හූ තිබ්බේ පොහොට්ටුවේ බේබද්දන් : ශාන්ත බණ්ඩාර ප්‍රසිද්ධියේ කියයි !

පොදුජන පෙරමු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අලව්වේ දී පැවති ජන රැලියේදී තමනට හූ කිව්වේ බීමතින් එවන ලද පිරිසක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ  හෙට්ටිපොල පැවති ජන හමුවක් අමතමිනි.

තමන්ට පමණක් නොව විපක්ෂනායක මහින්ද රාජපක්ෂටද ඔවුන් හූ කියූ බවත් අවසානයේ ඔහුද අතරමඟ නැවැත්වූ බවත් මන්ත්‍රීවරයා එහිදී  සඳහන් කළේය.

එසේ කටයුතු කරනු ලද්දේ විස්සක 20ක් පමණ සුළු පිරිසක් බවත් ඔවුන් සැලසුම් සහගතව අරක්කු පොවා එතැනට ගෙන්වා තබා තිබූ බවත් එම පිරිස ජන හමුව අවසන් ආරම්භයේ සිට අවසානය දක්වාම කෑගැසු බවත් තමන් කතා කරද්දී ද එම කෑගැසීම පවත්වාගෙන ගිය බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම කටයුත්ත පසුපස සිටින්නේ ඊළඟට පාර්ලිමේන්තුවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින අය සහ පළාත් සභා යාමට බලාපොරොත්තුවෙන් සිටින අය බවද ඔහු පැවසුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න