''ගෝඨාබය ආවොත් රජයේ අවශ්‍යතාවය මත කියල ඕනෑම කෙනෙක්ව මරලා දාවී'' -කුමාර වෙල්ගම  

''ගෝඨාබය ආවොත් රජයේ අවශ්‍යතාවය මත කියල ඕනෑම කෙනෙක්ව මරලා දාවී'' -කුමාර වෙල්ගම  

වැරදීමකින් හෝ ගෝඨාබය රාජපක්ෂ මෙරට ජනාධිපති වුවහොත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ පරිදිම, රජයේ අවශ්‍යතාවය මත කියා ඕනෑම කෙනෙකු ඝාතනය කිරීමේ බරපතල තත්වයක් මතුවන බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසයි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම එබව සඳහන් කළේ ස්වාධින රුපවාහිනී සේවය (ITN) සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''දැන් අපිට වුණත් ලොකු බයක් ඇති වෙනවා. ඇයි ඒ ? ඕනම දෙයක් සිද්ධ කරලා රජයේ අවශ්‍යතාවය මත මේ දේ සිද්ධ කරා කියනවා. ඒ වගේම දැන් මේකෙන් ඔප්පු වුණා රජයේ අවශ්‍යතාවය මත ලසන්ත වික්‍රමතුංග මහත්තයාව ඉවත් කරා කියලා. මේක ඇත්තටම හරිම බරපතල තත්වයක්. 

ඇත්තටම මේක මම හිතන්නේ අපේ ගම්වල ඉන්න ජනතාව දන්නේ නැහැ. හරියට අර සතාසිවම් නඩුව වගේ. සතාසිවම් නඩුවේ මරුවට අන්තිමට වංගෙඩියයි මෝල් ගහයිනේ විත්තිකාරයන් වුණේ. අර ගොයම් කොලේ වගේ, සතාසිවම් නඩුවත් ඒවගේමයි. 

ඒ වගේ දැන් ඉදිරියේදී ජීවත්වීමට විශාල බයක් එනවා, මේ මැතිවරණයේදී මිනිස්සු වැරදි  විදිහට ඡන්දය පාවිච්චි කෙරුවොත්. 

මගේ නිවසේ හරියටම මගේ කාමරේ වීදුරුව කඩලා කවුරුහරි ඇතුලට ගිහිල්ලා මුකුත් කරලා නැහැ. මගේ  කාමරේ තිබුනා පොඩි සේප්පුවක් අතින් ගෙනියන්න පුළුවන්, හෝටල් කාමරවල තියෙන එකක්, ඒකටත් අත තියලා නැහැ. කිසිම දෙයක් කිසිම භාණ්ඩයක් නැතිවෙලා නැහැ. මට තේරෙන විදිහට මගේ කට වැඩී නිසා මාව මට්ටු කරන්න එතනට එවන්න ඇති. සමහර විට මම ඇතුලේ හිටියා නම් මගේ ජීවිතයට හානි සිද්ධ වෙන්න තිබුණා. පොලිසියෙන් ආවා ඇඟිලි සලකුණු ගන්න. ඇඟිලි සලකුණු නැහැ. කුඩුකාරයෙක් එයිද ග්ලවුස් දාගෙන.

මේ රට වැරදි තීන්දුවක් ගත්තොත් මම හිතන්නේ නැහැ මට ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙයි කියලා රජයේ අවශ්‍යතාවය මත. 

එක කාලයක් මේ රටේ බුද්ධිමතුන් ඔක්කොම දාලා රට අතහැරලා  ගියා. අන්න ඒ වගේ තත්වයක් නැවත උදා වෙයි. මගේ බුද්ධිය තුළ ඉඳගෙන මම මේ නැවත මේ ගැන කතා කරන්නේ, මොකද මට දේශපාලන ඉව තියෙනවා..''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න