ශ්‍රී ලංකා කොඩිය බිම දැමූ වර්ධරාජා පෙරුමාල් අන්න ගෝඨාගේ වේදිකාවේ - මංගල 

ශ්‍රී ලංකා කොඩිය බිම දැමූ වර්ධරාජා පෙරුමාල් අන්න ගෝඨාගේ වේදිකාවේ - මංගල 

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිගනු ලබන, ජාතික ධජයට ගරු කරන දෙමල ජාතික සන්ධානයේ ආර් සම්බන්දන්ලා සජිත් ප්‍රේමදාසට සහය පළකරද්දී, ගෝඨාබයට සහය දක්වන්නේ, 1990 ත්‍රීකුණාමළ නගරයේ වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කර, ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊළාම් කොඩිය ප්‍රසිද්ධියේම උස්සපු වර්ධරාජ පෙරුමාල්ලා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

 ඊයේ (03) මාතර පැවති තරුණ සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර දෙමල ජාතික සන්ධානයේ සම්බන්දන්ලා එක්සත් ජාතික පක්ෂය සමග එකට වැඩකිරීම අලුත් දෙයක් නොවන බවත් ඔහු 2013 දී යාපනයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේ වේදිකාවට ගොඩවී ශ්‍රී ලංකාවේ ධජය ඔසවපු, ශ්‍රී ලංකාවේ ධජය ජනතාවට වනපු දේශපාලනඥයකු බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත්  දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

 ටීඑන්ඒ පක්ෂය කොහොමත්  අපිත් එක්ක එක දිගට වැඩ කරා !

''අපිත් එක්ක විශාල පිරිසක් දැන් මේ වෙනකොටත් එකතුවෙලා ඉන්නවා.  මම දැක්කා දැන් දෙරණෙන්ම ඇලට් එකක් එවලා. ඒවා අපි දැනන් හිටපු දේවල්. නමුත් ඒ අය දැන් කියනවා ටීඑන්ඒ පක්ෂයත් සජිත් ප්‍රේමදාසට නිල වශයෙන්ම සහයෝගය දෙනවා කිව්වායි කියලා. 

මේක අලුත් දෙයක් නෙවෙයි කොහොමත් ටීඑන්ඒ පක්ෂය අපිත් එක්ක එක දිගට වැඩ කරා, හැබැයි දැන් මුන් කියයි අන්න අන්න කොටිත් ඇවිල්ලයි කියලා. 

මෙතනදී අපි මතක් කරන්න ඕනේ ගරු ස්වාමින් වහන්ස රට බෙදන අය කොහෙද ඉන්නේ රට එකතුකරන අය කොහෙද ඉන්නේ කියලා. 

මොකද සම්බන්ධන් මැතිතුමා කියන්නේ, මට මතකයි 2013 අපි යාපනයට මැයි දිනය තියන්න එක්සත් ජාතික පක්ෂයෙන් ගිය වෙලාවේ අපේ වේදිකාවට නැගලා ශ්‍රී ලංකාවේ ධජය ඔසවපු, ශ්‍රී ලංකාවේ ධජය ජනතාවට වනපු සම්බන්ධන් තමයි ටීඑන්ඒ නායකයා අපිත් එක්ක එතුවෙලා ඉන්නේ.

ඊළාම් කොඩිය උස්සපු වර්ධරාජා ඉන්නේ ගෝඨාභයගේ වේදිකාවේ !

අනිත් කඳවුරේ ඉන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතුවෙලා ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි 1990 ත්‍රීකුණාමළ නගරයේ වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කරලා ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊළාම් කොඩිය ප්‍රසිද්ධියේම උස්සපු වර්ධරාජ පෙරුමාල්.

ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරීන් 600 ක් මරන්න නායකත්වය දීපු අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන්න නායකත්වය දීපු කරුණා අම්මාන් කොහෙද ඉන්නේ? කරුණා අම්මාන් ඉන්නෙත් අද ගෝඨාභය රාජපක්ෂගේ පිලේ. 

ඒ වගේම නැගෙනහිර පළාතේ අහිංසක කුඩා දෙමළ දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ලා එල්ටීටීඊ සංවිධානයට එකතු කරපු පිල්ලෙයාන් කොහෙද ඉන්නේ. ඊයේ පෙරේදා අර මහින්ද රාජපක්ෂ රටේ මහා දේශප්‍රේමියා හිරේටත්  යනවා බලන්න පිල්ලෙයානුත් ඉන්නේ ඒ ගොඩේ. 

අපිට බැන්නා හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය වැහුවේ නැහැයි කියලා. හිස්බුල්ලා ත්‍රස්ථවාදීන්ට උදවුකරනවා කියන එක ඒ අයම කියලා අද හිස්බුල්ලා ඉන්නේ මොන කඳවුරේද මම දැක්කා අද උදේ වෙනකොට හිස්බුල්ලා කියනවා තමන්ගේ දෙවෙනි මනාපයත් ගෝඨාභය රාජපක්ෂට දෙන්න කියලා. 

අන්න එහෙනම් මේක පැහැදිළියි. අද රට එකතුකරන්න සජිත් ප්‍රේමදාස වටා එකතුවෙලා ඉන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියන අපේ ජනතා බලවේගය. අනිත් පැත්තෙන් රට බෙදන ත්‍රස්තවාදි අන්තවාදී සියලු බලවේග එකතුවෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ එක්ක.''

වීඩියෝ

 අපි සීරුවෙන් සහය සජිත්ට  

siruwen 1 1000px

එළඹෙන ජනාධිපතිවරණය අවස්ථාවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වූ මහිල් බණ්ඩාර ඇතුළු අපි සීරුවෙන් ව්‍යාපාරයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට තීරණය කර ඇත.

ඒ බව ඊයේ   තරුණ සමුළුව අමතමින්  මහිල් බණ්ඩාර  පැවසූ අතර තාරුණ්‍යයේ ප්‍රශ්න සෘජුව කතා කිරීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක්  අරමුණු කරගනිමින් මෙම තීරණය ගත් බවත් පැවසීය

 ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ  මාතර පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ සමුළුවට එක්වෙමින්.

2015 ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය සදහා දියත් කලේ රටේ තරුණ ප්‍රජාව බව සිහිපත් කල හෙතෙම ඉදිරි ජනාධිපතිවරණ සටනද විජයග්‍රහණයෙන් කෙලවර කිරීමටත් තරුණ ප්‍රජාව කටයුතු කරනා බවටද සදහන් කරනා ලදී. 

ජාතිවාදය, දේශප්‍රේමය වැනි පරණ සංකල්ප ඉවත් කර ඇති නව තාරුණ්‍ය රට සුරැකීමට නොවැම්බර් 16 වනදාට නිදහස, ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් තම වගකීම ඉටු කරනා බවටද සදහන් කරනා ලදී.

එමෙන්ම මෙම තරුණ සමුළුව සදහා මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරණ, වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම, ජාතික යොවුන් පෙරමුණේ උප සභාපති නාමල් විජිතමුණි සොයිසා ඇතුළු කථිකයන් රැසක් සහභාගී වූ අතර මාතර දිස්ත්‍රික්කය නියෝජණය කරමින් විශාල තරුණ තරුණියන් පිරිසක්ද ඊට සහභාගීව සිටියහ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න