අපි ශ්‍රී ලංකා සමුළුව 05 : කරන්න යනදේ මෛත්‍රීට දන්වයි !

අපි ශ්‍රී ලංකා සමුළුව 05 : කරන්න යනදේ මෛත්‍රීට දන්වයි !
අපි ශ්‍රී ලංකා' සමුළුව හෙට (05) සවස 2.00 ට  සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.
 
ඒ හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙනි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසක් මේ අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
 
 එසේම එළඹෙන ජනාධිපතිවරණය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගනුලැබූ තීන්දුවට විරෝධය දැක්වූ නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් විශාල පිරිසක්ද මීට සහභාගී වීමට නියමිත බවත් වාර්තා වෙයි.
 
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති "අපි ශ්‍රී ලංකා" සංවිධානය පවත්වන මේ සමුළුවේ අපේක්ෂාව නිදහස් පක්ෂය  රාජපක්ෂ පවුල් පක්ෂයේ ගොදුරක් බවට පත්වීමට ඉඩනොදී පක්ෂය රැකගැනීමේ සටන ආරම්භ කිරීම බව සංවිධායකයන් සඳහන් කරයි.
 
එසේම  තම අභිමානවත් පක්ෂය දෙකඩ කිරීමට එරෙහිව, පක්ෂය නැත්තටම නැති කිරීම වෙනුවෙන් කැපව සිටින රාජපක්ෂ බල කඳවුර නිශ්චිතව පරාජය කර පක්ෂය රැකගැනීමට සූදානම් සියලු පාක්ෂිකයන්ට මේ සඳහා ආරාධනා කරන බවත් ඔවුන් සඳහන් කරයි.
 
චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට ලියුමක් !
 
මේ අතර හිටපු ජනාධිපතිනිය ලිපියක් යොමුකරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙත දන්වා ඇත්තේ තමන් විසින් සිදුකරන මේ කාර්‍ය හේතුවෙන් පක්ෂයට කිසිඳු හානියක් සිදුනොවන බව සඳහන් කර තිබේ.
 
එසේම සමගියෙන් කටයුතු කල සමයේ පරාජය වීමට නියමිත වූ පක්ෂයක් ජයග්‍රාහී මාවතට ගතහැකි වූ ආකාරයත් නමුත් වෙන්ව කටයුතු කළ සමයේ පක්ෂය දුර්වල වූ ආකාරයද ඇය එම ලිපියේ පෙන්වාදී තිබේ.
 
එමෙන්ම පක්ෂය ආරක්ෂා කරගත යුතු කුමන්ත්‍රණකාරී බලවේග ද ඇය ලිපිය හරහා අවධාරණය කර ඇත.
 
හිටපු ජනාධිපතිනිය විසින් ඊයේ (04) ජනාධිපති මෛත්‍රීපාල වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

cbk my letter 720

 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න