රාජපක්ෂ පාලනයෙන් ඝාතනයට - හිරිහැරයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට වන්දි

රාජපක්ෂ පාලනයෙන් ඝාතනයට - හිරිහැරයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට වන්දි

ඉකුත් 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්ට සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව රාජපක්ෂ පාලනය යටතේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග, ධර්මරත්නම් සිවරාම් ඇතුළු මාධ්‍යෙව්දීන් 44ක් සිටිති. එසේම අතුරුදන් කළ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් හිරිහැරයට ලක් කළ කීත් නොයාර් , පෝද්දල ජයන්ත,නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසක් වින්දිතයන් ලෙස සිටිති.

කැබිනට් අනුමැතිය ලැබීමේදී මාධ්‍යවේදීන් 78 දෙනෙකු වෙනුවෙන් එම වන්දි පිරිනැමීමට නියමිතය.

ඝාතනයට , පීඩාවන්ට හා හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 15 දක්වා බැගින් වන්දි මුදලක් පිරිනැමීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න