කර්නල් රත්නප්‍රිය ගෝඨා සහයට උතුරට !

 කර්නල් රත්නප්‍රිය ගෝඨා සහයට උතුරට !
යාපනය, කිළිනොච්චිය මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ, පසුව හානිපූර්ණ කාර්යාලයේ කොමසාරිස්වරයෙක් ලෙස සේවය කරමින් සිටි කර්නල් රත්නප්‍රිය බන්දු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා කිළිනොච්චියට ගොස් ඇත.
 
නොවැම්බර් 06 වැනිදා මාධ්‍ය ස්කච්ඡාවක් පවත්වමින් ඔහු කියා ඇත්තේ තමන් හානිපූර්ණ කාර්යාලයේ කොමසාරිස් තනතුරින් ඉල්ලා අස්වී ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම සඳහා එකතුවන බවයි. 
 
තමන් එසේ කරන්නේ හිටපු එල්ටීටී සාමාජිකයන්ගේ ඉල්ලීමක් මත බව ඔහු එහිදී කියා ඇත. අවුරුදු 5ක පමණ කාලයක් හිටපු එල්ටීටීඊ සංවිධාන සාමාජිකයින් පුනරුත්ථාපනය කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගනිමින් ඔවුන් සමාජගත කිරීමට දායකවීම නිසා මෙම හමුදා නිලධාරියාට හිටපු එල්ටීටීඊ සාමාජිකයින් අතර විශාල ප්‍රසාදයක් සහ පිළිගැනීමක් ඇතැයි ද එම තත්වය භාවිත කරමින් සජිත් ප්‍රේමදාස මහතාට මෙම ප්‍රදේශවලින් ලැබෙන්නට නියමිත ඡන්ද අඩු කිරීමට ක්‍රියා කරන්න යැයි එම හමුදා නිලධාරියාට පොදු පෙරමුණේ ඉහළින් උපදෙස් ලබාදී ඇතැයිද දැනගන්නට ලැබේ. 
 
මෙම හිටපු හමුදා නිලධාරියා මෙලෙස වහාම උතුරට යවන්නට හේතුව වී ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුවය.
 
කර්නල් රත්නප්‍රිය බන්දු මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහත තනතුර දරමින් සිටින විට ඔහු අඹේපුස්ස යුද්ධ හමුදා කඳවුරට මාරු කරනු ලැබීය.
 
අනිද්දා

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න