පොහොට්ටුවේ හැටි මෙහෙමයි : ගෝඨා ගැන ලිව්වා කියා මාධ්‍යවේදියාට ප්‍රහාරයක් !

පොහොට්ටුවේ හැටි මෙහෙමයි : ගෝඨා ගැන ලිව්වා කියා මාධ්‍යවේදියාට ප්‍රහාරයක් !

හබරාදූව මීපේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකු වන ලසන්ත විජේරත්නගේ නිවසට ඊයේ (14) ඇතුළු වූ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔහුට  පහරදී තුවාල කර පලාගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි.
 
එම පිරිස නිවසේ දේපලවලටද හානිකර ඇතැයි පොලිසිය පවසයි.
 
තුවාල ලැබූ විජේරත්න මාධ්‍යවේදියා  කළුගල රෝහලට ඇතුළත්කර තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට කරාපිටිය මූලික රෝහලට මාරු කර යවා ඇත.
 
මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වු ලසන්ත විජේරත්න  මෙසේ විස්තර කීය.
 
‘අද පාන්දර ශබ්දයක් ඇහිලා මම නිවසින් එළියට බැහැලා බැලුවා. ඒ එක්කම මුහුණු ආවරණය කරගත් හතරදෙනෙක් ඇවිත් මගේ හිසට පිස්තෝලයක් තියලා, සී.සී.ටී.වී.කැමරා තියෙනවා නම් එය ක්‍රියා විරහිත කරන්නැයි  කිව්වා. මම ක්‍රියා විරහිත කළා.
 
ඒ වෙලාවේ මගේ බිරිඳත් මාස එකොළහක දරුවත් මගේ අම්මත් හිටියා. බිරිඳට පිස්තෝලයක් එල්ල කරල ඇඳෙන් බහින්න දුන්නේ නැහැ. මම පසුගිය ආණ්ඩුව කාලේ නාස්තිකාර සංවර්ධනය හා දූෂණය කියල පොතක් ලිව්වා. ආපු අය ඒ පොත ගැන තමයි ඇහුවේ. ඊට අමතරව මගේ මුහුණු පොත ගැනත් ඇහුවා. උඹට වෙන වැඩ නැද්ද කියල ඇහුවා.
 
ආපු අයගෙන් දෙන්නෙක් සම්පුර්ණ මුහුණු ආවරණ දමාගෙන හිටියා. අනෙක් දෙදෙනත් මුහුණු ආවරණය කරගෙන හිටියා. එක් අයෙක් අතේ තිබූ දිග පිහියකින් මට පහරදුන්නා. එය වළක්වන්න මම අත අල්ලද්දි අත කැපුනා” මේ සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.පොහොට්ටු ප්‍රහාරයක් ! මේ අතර පොලිස් අවධානය යොමුව ඇත්තේ විජේරත්න විසින් මෑතකදී ලියාපළ කළ ගෝඨාභය රාජපක්ෂගේ දූෂණ සහ අක්‍රමිකතා ඇතුළත් පොතක් මේ පහරදීමට හේතුවී ඇති බවය.ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුලු පිරිසක් මේ ප්‍රහාරය පසුපස සිටින බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න