තම පුරවැසියාවූ ගෝඨා  දිනවන්න : ඇමරිකාව වැඩ !

තම පුරවැසියාවූ ගෝඨා  දිනවන්න : ඇමරිකාව වැඩ !

ඇමෙරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදය වක්‍රව උදව් කරමින් සිටින බවත් ඔවුන්ගේ අපේක්ෂාව සිය පුරවැසියා ජනාධිපති කර මෙරට ඇමරිකානු කොලනියක් කිරීම බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඔවුන් මේ බව සදහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පනවා තිබූ 2 වැනි මට්ටමේ සංචාරක අවදානම තවදුරටත් එලෙසම පවතින බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කිරීම පදනම් කරගෙනය.

මැතිවරණ සමයේදී ශ්‍රී ලංකාවට පැමිණීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නවතම ආරක්ෂක අනතුරු ඇඟවීම මගින්  දන්වා තිබූ අතර ඒ අනුව, විශාල රැස්වීම් හෝ විරෝධතා පැවැත්වෙන ස්ථානවල වඩාත් පරිස්සම් වන ලෙසත්, සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථානවල රැඳී සිටීමේදී වටපිටාව පිළිබඳ වඩාත් අවධානයෙන් පසුවන ලෙසත් සිය පුරවැසියන්ට දන්වා සිටියේය. 

හදිසි අවස්ථාවකදී බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත්, දේශීය පුවත් පිළිබඳ අවධානයෙන් පසුවෙමින් කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් දන්වා තිබිණ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රටේ සාමය කඩවීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් දියත් කෙරුනහොත් එය සිදුවන්නේ වැරදීමකින් හෝ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් බවය.

ගෝඨාභය පාලනයක් යනු මෙරට හමුවේ ෆැසිස්ට් රෙජීම පාලනයක් ගැන අවධානමක් බව මහින්ද රාජපක්ෂගේ උපදේශකයකු ව සිටි ආචාර්ය දයාන් ජයතිලක අවධාරණය කර ඇති බවත් ඔවුන් සිහිපත් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න