Language Switcher

V2025

චන්ද්‍රිකා මහින්දට වෛර කරනවාද?

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහින්ද රාජපක්ෂ සමග බද්ධ වෛරයකින් පසුවන බවටත්, චන්ද්‍රිකා රාජපක්ෂ පාලනයටඑරෙහි වූයේ ඈ තුළ වන මේ  වෛරය  නිසා බවටත් වන ප්‍රවාදයක් රාජපක්ෂ සහචරයන්විසින්  ගොඩනඟා තිබේ. 

මේ පිළිබඳ සත්‍යයතත්ත්වය දන්නා පුද්ගලයින් පවා මෙතෙක් මුනිවත රකිනු විනා සත්‍යය සමාජගත කිරීමට කිසිදුඋත්සාහයක් ගන්නා බවක් නොපෙනුනි.

බොහෝ විට රාජපක්ෂලා සහ ඔවුන්ගේ සහචරයන් ප්‍රචාරයකරන්නේ රාජපක්ෂවරුන් චන්‍ද්‍රිකාට කිසිවක් නොකළ බවත්, චන්ද්‍රිකා රාජපක්ෂලා සමගතිබෙන වෛරය නිසා ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන බවත්ය.

එබැවින් ඒ පිළිබඳ යමක් සඳහන්කිරීම වැදගත් වෙතැයි සිතමි.බණ්ඩාරනායක පවුලේ කිසිදු සාමාජිකයකු පෞද්ගලික වෛරය මතදේශපාලන තීන්දු තීරණ ගත් නායකයන් නොවන බව ඉතිහාසය සාක්ෂි දරයි. චන්ද්‍රිකාගේදේශපාලන ඉතිහාසය වුව ද විමසීමේ දී ද ඒ බව මැනවින් අවබෝධ කරගත හැකිය.

මහින්දඉතිසාසයේ සිටම බණ්ඩාරනායකවරුන් සමග විශාල කෝන්තරයකින් සිටි බව හින්දගේ දේශපාලනජීවිතය විමසීමේ දී පෙනේ.

තමාව ක්‍රියාකාරී දේශපාලනයට  සම්බන්ධ කරගෙන දේශපාලන ත්පොත් තැබූ සිරිමාවෝමැතිනියට පවා බොහෝ අකටයුතුකම් සිදුකළේ ය. මැතිනියට පමණක් නොව  විජයට සහ චන්ද්‍රිකාටද  සිදුකළ නොයෙක් හිරිහැරකම් සීමාවක්නොවීය.

අනුරගේ දේශපාලන ජීවිතය විසාශ කිරීමට මහින්ද සිදුකළ කුමන්ත්‍රණ පිළිබඳවබොහෝ දෙනාට රහසක් නොවේ. අනුරගේ අනුග්‍රහයෙන් ජීවිත් වන අතරම උපක්‍රමශීලීව අනුරවිනාශ කිරීමට ද මහින්ද අමතක කළේ නැත.

මේ නිසාම චන්ද්‍රිකා එදා සිටම මහින්ද සමග ප්‍රසාදයකින්නොසිටිය බව ප්‍රසිද්ධ කරුණකි. මහින්ද රාජපක්ෂ, ජයවර්ධන රජයෙන් වැටුප් ලබා පක්ෂය විනාශකිරීමට සම්බන්ධ වී සිටින බවට මැතිනියට ලැබුණු සාක්ෂි පිළිබඳව  ඇය දැන සිටියා ය.අනුරගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට ගනු ලැබූ සියලු කුමන්ත්‍රණයන්  චන්ද්‍රිකා දැන සිටියා ය.

දේශපාලන මණ්ඩල රැස්වීම්වලදී මැතිනියට විශාල පීඩනයක්ගෙන දී ඇය දුරවල කීරීමට මහින්ද ගත් උත්සාහයන් පිළිබඳව ඇය දැනසිටියා ය.තමාව සහ විජිය ව පක්ෂයෙන් එළවා දැමීමට ගත් උත්සාහයන්පිළිබඳව ඇය දැනසිටියා ය.

අනුර එක්සත් ජාතික පක්ෂයට යන තැනට වැඩ සලස්වා, අනෙක් පක්ෂ ‍ජෙෂ්ඨයන්ද දේශපාලන වශයෙන් අතරමං කර මහින්දට පක්ෂයේ එකම ජ්‍යෙෂ්ඨයාබවට පත්වීමේ අවශ්‍යතාවක් තිබෙන බව ද ඈ දැනසිටියා ය.

ඒ අනුව ඇයට මහින්ද පිළිබඳ අප්‍රසාදයක් ඇතිවීම සහේතුක ය.

එහෙත් ඇය පොදු පෙරමුණු රජය බලයට පත්වූ අවස්ථාවේ දීමහින්දට කැබිනට් ඇමති තනතුරක් ලබා දුන්නා ය. ච්නද්‍රිකා වෛරකාරී චරිතයක් වූවා නම්ඔහුට කැබිනට් ඇමතිකමක් ලැබෙන්නේ දැයි වඩාත් බුද්ධිමත්ව විමසා බැලිය යුතුය.තමාට අමාත්‍ය ධුරයක් ලැබුණු මොහොතේ මහින්ද චන්ද්‍රිකාළඟට පැමිණ ප්‍රකාශ කළේ ‘‘මම ඔබතුමියටයිලොක්කිටයි කරපු දේවල්වලට මම හිතුවෙ නැහැ මට ඇමතිකමක් ලැබෙයි කියල යනුවෙනි.එහිදී චන්ද්‍රිකා මතුවට එවැනි කුමන්ත්‍රණ නොකර පක්ෂයවෙනුවෙන් වැඩකරන ලෙස උපදෙස් දුන්නා ය. එහෙත්  ඔහුට තමන්ගේ ජන්ම ගති අත්හැරුණේ නැත. ලද සෑම අවස්ථාවකදීම චන්ද්‍රිකා රජය විනාශ කිරීමට ක්‍රියාකළේ ය.

2001  දී රනිල්වික්‍රමසිංහ සමග එක්ව චන්ද්‍රිකා රජයේ සිටි අමාත්‍යවරුන් 09 දෙනෙක්  මුදලට එක්සත් ජාතික පක්ෂයට යැවීමට කටයුතු කරන්නේමහින්ද රාජපක්ෂයයි. ඒ හරහා පොදු පෙරමුණට විපක්ෂයේ අසුන් ගැනීමට සිදු විය.එතකින්ද ඔහුගේ කුමන්ත්‍රණ අවසන් වූයේ නැත. අනතුරුව ඔහුකමන්ත්‍රණය කළේ චන්ද්‍රිකාව ජනාධිපති ධුරයෙන් එඵවා දැමීමටයි. ඒ සඳහා ඇයට එරෙහිවදෝශාභියෝගයක් පාර්ලිමේනත්තුවට ඉදිරිපත් කර ඇය ධුරයෙන් පහ කර රනිල් වික්‍රමසිංහටජානාධිපති ධුරයත්, මහින්දට අගමැති ධුරයත් ලබා ගැනීමට එජාපය සමග කුමන්ත්‍රණය කළේ ය.එහෙත් තුනෙන් දෙකේ බහුතරය සඳහා පොදු පෙරමුණු මන්ත්‍රීවරුන් 22ක් ද සහාය ලබා දියයුතු වුවත් ඔවුන්ට සහාය ලබා ගත හැකි වූයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේසහායපමණි.ඒ නිසා එම කුමන්ත්‍රණය ද අසාර්ථක විය. එහෙත්  2004දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැඟානැවත ආණ්ඩු බලය ලබා ගත් පසු  චන්ද්‍රිකාමහින්දගෙන් පළි ගැනීමට ක්‍රියා කළේ නැත.ඒ වෙනුවට තම සහෝදරයාට ලබා නොදී  ඔහුට අගමැති ධුරය පවා පිරිනමන්නේ අවස්ථාව ලැබෙනවිට ද්‍රෝහීකම් අඩුවේය යන විශ්වාසයෙනි. චන්ද්‍රිකා වෛරක්කාර ගැහැනියක් නම් කිසිදුවිට එවැනි තීරණයක් ගනු ලබාවි ද?අවසානයේ පක්ෂයේ විධායක කාරක සභාවේ බහුතරයකගේ විරෝධයනොතකා ඇය මහින්දගේ ජ්‍යෙෂ්ඨත්වය සලකා  ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුන්නාය.

මහින්ද 2005ජනාධිපතිවරණදී ජයග්‍රහණය කරන්නේ චන්ද්‍රිකා රජය විසින් රට වෙනුවෙන් සිදු කළකාර්යභාරය නිසා ය. 

අද චන්ද්‍රිකා රටට මොනවද කළේ කියා මහින්ද ඇසුව ද, එදා ඇයකිසිවක් නොකළා නම් මහින්ද ජයග්‍රහණය නොකරන බව ද ඔහු හොඳින් දනී. එහෙත් මහින් දබලයට පත්වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති කිසිවක් ක්‍රියාත්මක කරන්නේනැත. ඒ වෙනුවට සිදු කරන්නේ,  

පක්ෂය සහ රට අන්ත දූෂිත සහ ආඥාදායකත්වයක් කරා තල්ලුකිරීමයි. 

රාජපක්ෂ පාලකයන්ට සෑම සංවර්ධන ව්‍යාපෘතියකින් ම සියයටපනහක කොමිස් මුදලක් ලබා ගැනීමට කටයුතු කළ අතර මහින්ද රාජපක්ෂජනාධිපති ලෙස පත්වූ වහාම පක්ෂයේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා සහප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කැඳවා අහු නොවන පරිදි ඇති තරම් සොරකම් කරනලෙස අවසර ලබා දී මුළු මහත් රාජ්‍ය තන්ත්‍රය ම දූෂ්‍ය කරනු ලැබීය.

මේහරහා ඔහු සහ ඔහුගේ පවුලේ අය ඇති පදම් සොරකම් කළ අතර අන් අයට ද වංචාව දූෂණයටඉඩකඩ ලබා දුන්නේ ය.තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය නිර්ලජ්ජිත ලෙසයොදා ගැනීමයි. යුද ජයග්‍රහණය ජාතිවාදය දක්වා තල්ලු කළ අතර සිංහල සහදෙමළ ජනවාර්ගිකයන් අතර සැකය, අවිශ්වාසය වර්ධනය කරඑය තම දේශපාලනික පැවැත්ම සඳහා යොදාගත්තේය. 2013 දී රාජපක්ෂ පවුලේ ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් බේරුවල ප්‍රෙද්ශයේ අහිංසක මුස්ලිම් ජනතාවටඑරෙහිව ජාතිවාදී කැරැල්ලක් නිර්මාණය කළේ ය. බොදු බල සේනා සංවිධානය, මහසොහොන්බලකාය, තවුහිද් ජමාද් වැනි ජාතිවාදී සංවිධාන නිර්මාණය කර මෙරටපොදුජනතාව බෙදාවෙන්කර පාලනය කිරීමට කටයුතු කළේ ය.  

අහිංසක මිනිසුන් ඝාතනය කිරීමයි.

ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ වැනි මාධ්‍යෙව්දීන්ඝාතනය කිරීම හෝ අතුරුදන් කිරීම හෝ පහරදීම, ශ්‍රීපති සූරියාරච්චි, රවිරාජ්, ටීමහේෂ්වරන්, ලලිත්-කූගන් වැනි දේශපාලනඥයින් ඝාතනය කිරීම. අධිකරණයේ, රාජ්‍ය සේවයේ සහ පොලීසීයේ ස්වාධීනත්වය නැතිකිරීමයි.අගවිනිසුරු නීති විරෝධි ලෙස ඉවත් කිරීම, වරාවැව වැනිඅපක්ෂපාතී විනිසුරුවන්ට මරණ තර්ජන එල්ල කිරීම, විධායක බලතල අනිසි ලෙසයොදාගෙන ඉහළ හා පහළ අධිකරණ විනිසුරුවන් තමන්ට අවශ්‍ය ආකාරයටමෙහෙයවීම පිණිස කටයුතු කිරීම. මේ සියලු ක්‍රියාමාර්ග හරහා රාජපක්ෂ රෙජිමය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය වළපල්ලට යවා, පවුල්වාදී ආඥාදායකඒකාධිපති පාලනයක් ඇතිකර තිබුණි. 

රාජපක්ෂ රෙජිමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටමොකද කළේ ?

එතෙක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රගතිශීලීප්‍රතිපත්ති , බණ්ඩාරනායක චින්තනය අතහැර දමා ජාවාරම්කාරයින්ගේපාරාදීසියක් බවට පක්ෂය පත්කළේ ය. ඒ අරමුණ සාර්ථකව සිදුකර ගැනීම සඳහා,

ඒ වන විට සක්‍රීය දේශපාලනයේ නියුතුව සිටි අනුරබණ්ඩාරනායකගේ දේශපාලන ජීවිතය විනාශ කර චන්ද්‍රිකාගේ ප්‍රතිරූපය විනාශකිරීමට කටයුතු කළේ ය.

පක්ෂයේ පදනම වන පක්ෂයේ ශාඛා සහ සංවිධාන ව්‍යුහය ප්‍රතිසංවිධානය නොකර ස්වභාවිකව විනාශ වීමට ඉඩහැරීය.

පක්ෂ මූලස්ථානයේ තිබූ බණ්ඩාරනායක මහතාගේ, මැතිනියගේ සහ චන්ද්‍රිකාගේ ඡායාරූප පවා රාජපක්ෂ සහචරයන් ලවා පොලේ ගැස්සවීය. 

 පක්ෂය මගින් සංවිධානය කළ සියලු බණ්ඩාරනායක ගුණසමරුනවත්වා සැප්තැම්බර් 26 වන දින හොරගොල්ල සමාධියේ දී පවත්වන ගුණසමරුවට පවා පක්ෂ මන්ත්‍රීවරුන්ට සහභාගී වීම නැවැත්වීමට බලපෑම් ක‍ළේ ය. රාජපක්ෂ පාලනය චන්ද්‍රිකාට මොනවද කළේ ?රාජපක්ෂ පාලනය පෞද්ගලිකව ද චන්ද්‍රිකාගෙන් නොසෑහෙන්න පළිගත්තේ ය. තමාට බලය ලබා ගැනීමට අත දුන් චන්ද්‍රිකාදේශපාලනිකව විනාශ කර දමා චන්ද්‍රිකා යුගය දේශපාලන ඉතිහාසයේ සඟවා තැබීමට ගතහැකි සෑමඋත්සාහයක්ම ගනු ලැබීය.

මහින්දජනාධිපති ධූරයට පත්වූ පසු ඔහුටසුබපැතීමට චන්ද්‍රිකා විසින් දුරකතන ඇමතුමක් ලබා දුන් පසු මිනිත්තු 19ක්කුණුහරුපෙන් ඇයට  බැනවැදීය.

යුද්ධය දරුණුඅන්දමින් පැවැත්වෙද්දී යශෝධරාගේ විවාහයට සති දෙකක් තිබිය දී 2007 වසරේ දී ඇයගේ සියලුආරක්ෂාව ඉවත් කළේ ය.

 ඇය එක්සත්ජාතීන්ගේ සංවිධානයේ උපදේශක තනතුරකට පත් වූ විට ඉන් ඉවත් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බලපෑම් කළේය. ඇයගේ උපන්දිනය දා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නිර්ලජ්ජිත ලෙස පක්ෂ සභාපතිත්වයෙන් පන්නා දැමීය.

 පක්ෂයේකිසිවෙකුට චන්ද්‍රිකා මුණ ගැසීම තහනම් කළේ ය.

 පක්ෂ විසින්එතෙක් පැවැත්වූ සියලු බණ්ඩාරනායකසැමරුම් තහනම් කළේය.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන කාර්යාලය වසා දමා නිල නිවසින් ද පන්නා දැමීමටඋත්සාහ කළේය. එහෙත් ඔවුන් කොතෙක් උත්සාහ කළ ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථවේ විධිවිධානනිසා ඇය නිල නිවසින් පන්නා දැමීමට ඔවුන්ට හැකි වූයේ නැත.

 නිල නිවස ප්‍රතිසංස්කරණවලට 2015 වන තෙක්කිසිදු මුදලක් නොදුන් අතර ඔහුගේ වැටුප සතර ගුණයකින් වැඩිකරගෙන  විශාම වැටුප 25000මට්ටමේ ම තැබීය.

 චන්ද්‍රිකාගේචරිතය ඝාතනය කිරීමට විවිධ උපක්‍රම සිදු කළ අතර විවිධ පුද්ගලයන්ට ලක්ෂ ගණන් මුදල් ලබා දී පොත් පවා රචනා කළේය.

 ඇයට සොර නාමයඇලවීමට වෝටර්ස්එජ් නඩුව පවරා අගවිනිසුරුවරයාට බලපෑම් කර, විත්තිය පාර්ශ්වයෙන්කිසිදු කරුණුදැක්වීමක් නොවිමසා අසාධාරණ ලෙස ඒකපාර්ශ්වීය නඩු තීන්දු ලබා දුන්නේ ය.ඒ සියලු උපක්‍රම යොදා චන්ද්‍රිකා විනාශ කිරීමටරාජපක්ෂවරු උත්සාහ දරන්නේ ඔවුන් බණ්ඩාරනායකවරුන්ට විශාල බියක් දක්වන බැවිනි.

ජනමාධ්‍ය සහ සියලු උපක්‍රම යොදා චන්ද්‍රිකා විනාශ කිරීමට  රාජපක්ෂ රෙජිමය කුමන උත්සා දැරුව ද ඔවුන්ට ඒකිසිවක් සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ අද වන විට ඔවුන්ගේසැබෑ ස්වරූපය මහජනයා අවබෝධ කර ගැනීම පමණි.

කෙතරම් කුමන්ත්‍රණ සිදු කළත්, කුමන උපක්‍රමය භාවිත කළත්තවමක් මෙරට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා බණ්ඩාරනායක දර්ශනයට ආදරය කරති.බණ්ඩාරනායකවරුන් සතු ප්‍රතිපත්තිගරුක දේශපාලනය අගය කරති. ඒ නිසාම පොහොට්ටුවක් නොවපොහොට්ටු සියයක් පිපුණත්, පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීල වර්ණයෙන් සදා මේදරණීතලය තුළ වැජඹෙන බව අද වන විට මහපොළවේ යථාර්ථයක් බවට පත්ව තිබේ.

තරිඳු තොටවත්ත