ගෝඨා දිනුම් : රාජ්‍ය බුද්ධි වාර්තාවක් නාග ලෝකයෙන් ඇවිත් !

ගෝඨා දිනුම් : රාජ්‍ය බුද්ධි වාර්තාවක් නාග ලෝකයෙන් ඇවිත් !

රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල පළ වී තිබෙන වාර්තාව අසත්‍යයක් බව පොලීසිය පවසයි.

2019.11.05 දිනැතිව රාජ්‍ය බුද්ධි සේවය විසින් “ ජනාධිපතිවරයා වෙත පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව“ යන ශීර්ෂය යටතේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපියේ අඩංගු කරුණු අසත්‍ය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.රාජ්‍ය බුද්ධි සේවය ද ඇතුළත්ව පොලීසියේ, කිසිදු ආයතනයක් ස්වාධීන ආයතන වශයෙන් එම අසත්‍ය ලිපියේ දක්වා ඇති ආකාරයට දේශපාලන කටයුතුවල නිරතවීමක් හෝ මැදිහත්වීමක් හෝ ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ක්ෂණයක් සිදු නොකළ  බවද පොලීසිය දන්වා සිටියි.

පොලීසියේ පූර්ණ අවධානය යොමු වන්නේ මෙම ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමී ලෙස පැවැත් වීමට බවද මෙම නිවේදනයෙන් දක්වා තිබේ.මෙවන් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍යවල පළ කළ තැනැත්තාට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.

පොහොට්ටු වැඩක් !

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ රාජ්‍ය බුද්ධි සේවා වාර්තාවක් බව කියන මේ කූඨ ලේඛනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මගඩියක් බවයි.පොදුජන පෙරමුණ පසුගිය දින කිහිපයක සිට රාජ්‍ය බුද්ධි සේවා වාර්තාවක් ගැන කියමින් ඊට ආණ්ඩුව බියවී ඇති බව ප්‍රචාරය කළ අතර එය ප්‍රමාණවත් නොවූ බැවින් මේ කූඨ ලේඛනය සකසා ඇත.

සියල්ලට වඩා ඔවුන්ට අවශ්‍යතාව වී ඇත්තේ ඇමරිකානු පුරවැසි ගෝඨාබය රාජපක්ෂගේ එකී ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීමට අසමත්වීම ජනතාව වෙතින් වසංකිරීමය.

එසේම ජනාධිපතිවරණය හමුවේ ලබන නියත පරාජය පාක්ෂිකයන්ට වසංකර තබාගැනීමය.

එහෙත් ඒ වෙනුවෙන් ඔවුන් මෙතෙක් දැරූ උත්සාහයන් ව්‍යර්ථව ගොස් ඇති අතර අවසානයේදී නාග ලෝකයෙන් ධාතු කරඩු පැමිණි බව කියමින් නැටූ නාඩගමත් දැන් හොඳටම කිච වී තිබේ.

මේ හමුවේ දේශපාලන විචාරකයන්ද මේ  රාජ්‍ය බුද්ධි සේවය නොකළ සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාවක්  පැමිණිම හාස්‍යට ලක්කරමින් කියන්නේ එම වාර්තාවත්  නාග ලෝකයෙන් පැමිණ ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න