ගෝඨාභය ජනපති ධුරයේ දිවුරුම් දෙයි

ගෝඨාභය ජනපති ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අබියස දී නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය.

මෙම අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 6,924,255ක් ලබා ගත්තේ ය.

එය ප්‍රතිශතයක් වශයෙන් 52.25% කි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් දිස්ත්‍රික් 16 ක් හා බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළේ ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය.

ඉන් පෙර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න